කැනඩාවේ යුවලක් කැනඩා – ඇමරිකා දේශ සීමාවේදී තම විවාහ උත්සවය පවත්වා තිබේ. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දෙරට අතර ගමනාගමනය සීමා කර තිබීම හේතුවෙන් දෙරටේම වාසය කරන තම ඥාතීන්ට හා හිතවතුන්ට මෙම විවාහ මංගල උත්සවය සඳහා සහභාගී විය හැකි පරිදී කැනඩා -ඇමරිකා දේශ සීමාවේ මෙම විවාහ උත්සවය පවත්වා තිබේ.
ලින්ඞ්සේ ක්ලොව්ස් හා ඇලෙක්ස් ලේකී නමැති මෙම මනාල යුවල 29 හැවිරිදි වියෙහි පසුවෙති. හය වසරක් පෙමින් වෙලී සිටි මොවුහු 2019 දී විවාහ ගිවිසගත් අතර විවාහ උත්සවය පසුගිය අගෝස්තු මාසයට යොදා ගෙන තිබිණි. කෙසේ වෙතත් කොරෝනා තත්ත්වය නිසා එය කල් දැමිණි. එහෙත් කොරෝනා වසංගතය දිගටම පවතින බැවින් තවදුරටත් විවහය කල් දැමීමේ තේරුමක් නොමැති බව මෙම දෙදෙනා තේරුම් ගත්හ. එහෙත් ඒ වන විට ඇමරිකාව හා කැනඩාව අතර සංචරණ සීමා පනත තිබුණු අතර ඒ අනුව දෙරටේම ඥාතීන්ට සහභාගි විය හැකි පරිදි විවාහ මංගල උත්සවය දෙරට අතර දේශ සීමාවේදී කොරෝනා මර්දන නීතිරීතිවලට අනුකූලව සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් පවත්වන ලදී. මෙහිදී පවුලේ පිරිසක් බෝට්ටුවල සිට විවාහ උත්සවයට සහභාගී වූහ.
දිවයින..