ගෝලීය වසංගතයක් වුණු කොරෝනාවට චීනය දැනුවත්ව වගකිවයුතු නම් ඔවුන්ට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ලොව පුරා කොරෝනා වෛරසය පැතිරයාමට පෙර එය චීනයට එය නවතා ගැනීමට හැකියාව තිබූ බවයි ට්‍රම්ප් පවසන්නේ.
මෙම වෛරසයෙන් දැන් ලොවම පීඩාවට පත්වෙලා. චීනයේ අත්වැරදීමකින් මෙය පැතිරුනානම් එය පිළිගත යුතුයි. ඊට ඔවුන් දැනුවත්ව වගකිවයුතුනම් ඊට ප්‍රතිචාරයක් තිබිය යුතුයි.
අත්වැරදීමකින් සහ සිතා මතා පාලනයකින් තොරව වෛරසයේ පැතිරීමට ඉඩදීම අතර විශාල වෙනසක් පවතින බව චීනය වටහාගත යුතුයි..
