Gossip

කොරෝනා නිසා ජර්මනිය චීනයෙන් වන්දි ඉල්ලයි

කොරෝනා වෛරසය පැතිරවීමෙන් ජර්මනියේ ආර්ථිකයට හානි පැමිණවීමේ චෝදනා මත සිදු වූ අලාභ හානිය වශයෙන්     යුරෝ  බිලියන 130ක වන්දි මුදලක් ගෙවන ලෙස ජර්මනියේ විශාලතම ටැබ්ලොයිඩ් පුවත්පත වන “බිල්ඩ් ” පුවත්පත විසින් චීන රජය වෙත  බිල්පතක් යොමු කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි .

මෙම බිල්පත චීන රජය වෙත යොමු කර ඇත්තේ ජර්මන් රජය විසින් ගෝලීය වශයෙන් පැතිර යන කොරෝන වසංගතයට චීනය ප්‍රධාන වශයෙන්ම වගකිවයුතු බවට   නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය .මෙයට පෙර ඇමරිකා එක්සත් ජනපදය ,එංගලන්තය හා ප්‍රංශයද  කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යාම සම්බන්ධයෙන් චීනය වගකිවයුතු බවට චෝදනා කර තිබිණි .

ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චීනයට චෝදනා කරනුයේ එරට වුහාන් නගරයෙන් පැතිරීම ඇරඹුණු කොරෝනා වසංගතයේ සැබෑ මුහුණුවර චීන බළධාරීන් විසින් ලෝකයෙන් වසං කළ බවයි . තවමත් මෙම වෛරසය පැතිරීම සිදු වුනු ආකාරයද අභිරසක්ව තිබීම මෙය සනාථ කරන බව එම රටවල මතය වී තිබේ .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!