හලාවත රෝහලින් ඊයේ (11 වැනිදා) හමුවූ රෝගියා ඇතුළුව කෝවිඩ් – 19 වෛරසය ආසාදිත යැයි සැක රෝගීන් 20 දෙනකු මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බව වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.
මෙම වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා මෙරට නම් කළ රෝහල් 15කින් රෝහල් 6ක මේ වන විට ඔවුන් ප්‍රතිකාර ලබන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
මේ අතර ඉතාලියේ සිට මෙරටට පැමිණි අඹු සැමි යුවළක් අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයේ යෙදෙමින් සිටියදී කොරෝනා වෛසරය ශරීරගත වී ඇතැයි සැක කරමින් ඊයේ (11 වැනිදා) අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව විශේෂ ප්‍රතිකාර ඒකකයේ රඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මග පෙන්වන්නකු සමග මෝටර් රථයකින් ඔවුන් පැමිණ තිබෙන අතර මග පෙන්වන්නා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.
මෙහිදී කාන්තාවට වෛරස් තත්ත්වය උත්සන්න වී ඇතැයි පැවසෙන අතර ඔවුන්ගේ සෙම කොටස් පරීක්ෂණ සඳහා අංගොඩ අයි.ඩී.එච්. රෝහලට යවා තිබෙනවා.
මොවුන් පැමිණි මෝටර් රථය ඒ බීජනාශක දියර යොදා පිරිසිදු කර තිබෙනවා.
මේ අතර කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා රෝගය වැලඳුණු බවට සැකකරන කාන්තාවක් හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවා ඇත.
ඉතාලියේ සේවය කර ඇති බව කියන 53 හැවිරිදි මෙම කාන්තාව මෑතකදී මෙරටට පැමිණ ඇති බව තොරතුරු ලැබී ඇත. ඇය ආඬිගම – සේරුකැලේ පදිංචිකාරියකි. ඇයට වැලඳී ඇත්තේ කොරෝනා රෝගයද යන්න නිශ්චිතවම හඳුනාගෙන නොමැති නමුත් රෝග ලක්ෂණ පහළ කරන බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහලට පිටත්කර යැවීමට කටයුතු කර තිබෙනවා.
