Gossip

කොරෝනා ආසාදිතයෙකු නිසා මීගමුවේ රෝහලක් වසා දමයි.. කඳාන විදුලිබල මණ්ඩලයේ 13 කටත් කොවිඩ්..

නේවාසිකව සිට ප්‍රතිකාර ලැබූ රෝගියකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමත් සමග මීගමුවේ පිහිටි ආවේමරියා පෞද්ගලික රෝහල වසා දමා තිබෙනවා.
මීගමුව පන්සල් හන්දිය පාරේ පදිංචි පුද්ගලයකු මෙසේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත. ඔහුගේ පවුලේ සාමාජිකයන් නිවෙස් තුළම නිරෝධායනය කොට තිබේ.
පසුගිය ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනි දින උදෑසන දක්වා ආවේමරියා පෞද්ගලික රෝහලට ආගිය අයෙක් නම් මීගමුව මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරී කොවිඩ්-19 මෙහෙයුම් මධ්‍යස්ථානය අමතා තොරතුරු ලබාදෙන ලෙස බලධාරීන් ඉල්ලීම් කරයි.
මේ අතර කඳාන විදුලිබල මණ්ඩලයේ 13 දෙනෙකුට කොවිඩ් අසාදිත බව තහවුරු කර ගෙන ඇත.
කොළඹ පෞද්ගලික රෝහලකින් මෙම සේවකයින් 13 PCR පරීක්ෂණ කරගෙන ඇති අතර එහිදී මේ බව තහවුරු කර ගෙන ඇත. අද දින මෙම පිරිස කඳාන මහජන සෞඛය පරීක්ශකවරයා හමුවීමට ද නියමිතයි.
කඳාන විදුලි බල මණ්ඩලයේ සේවකයෙක්ගේ දියණියක මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇති අතර අදාල සේවකයා සිය නිවසේ ස්වයං නිරෝධායනය වී ඇත. මේ හේතුව නිසා අනෙකුත් සේවකයන් ද PCR පරක්ෂණ සිදුකර ගෙන ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!