Gossip

කොරෝනා ආසාදිතයෙක් IDH රෝහලෙන් පලායයි… පොලීසිය මහජන සහය පතයි.

කොවිඩ්-19 වෛරස ආසාදිතයෙන් මුල්ලේරියාව අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම රෝහලෙන් පලා ගොස් තිබේ.

මේ වන විට එම ආසාදිතයා සොයා ගැනීම සඳහා යුද හමුදා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයා අද (24) අලුයම රෝහලෙන් පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි අපරාධ සඳහා අවශ්‍ය ව සිටි පුද්ගලයෙකු බව ද පොලීසිය පවසයි.

එම පුද්ගලයාගේ වම් කකුලේ ආබාධයක් පැවතීම හේතුවෙන් ඇවිදින විට “කොරගසන“ පුද්ගලයෙකු වන අතර මොහු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කරයි.

අදාළ පුද්ගලයා ඡායාරූපය දැක්වෙන අතර, එම පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන්නැයි පොලීසිය මහජනතාව ට දැනුම් දෙයි.

119
0718591017
0718592290
0718591864

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!