Gossip

කොරෝනා ආසාදිතයාගේ දේහය ආදාහනය කිරීමට එරෙහිව කොටිකාවත්ත ජනතාව විරුද්ධවෙයි

කොරෝනා වෛරසය ආසාදිතයෙකු ඊයේ (01) රාත්‍රීයේ මියයාමත් සමග මෙරටදී මියගිය සංඛ්‍යාව 03 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (01) රාත්‍රීයේදී මියගිය 73 හැවිරිදි පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පෙරවරුවේ සිදු කිරීමට නියමිතව තිබුණේ මුල්ලේරියාව උඩුමුල්ල පොදු සුසාන භූමියේදීය.

ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රෙගුලාසිවලට යටත්වයි.

එහෙත් එම සුසාන භූමියේ මෙන්ම කොටිකාවත්ත සුසාන භූමියේද මෙම පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට ප්‍රදේශවාසීන් විරෝධය පළකර තිබේ.

අදාළ සුසාන භූමිය ගේට්ටු වසා දමා තිබීම හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි අපහසුතාවට ලක්ව තිබේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ කොරෝනා රෝගියෙකුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම මඟින් රෝගය බෝ නොවන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!