කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගිය මෙරට හතරවැනියා රත්මලාන ප්රදේශයේ පදිංචි අයෙකු බව හෙළිවී තිබෙනවා.
එම පුද්ගලයා පසුගියි 16 වැනිදා රෝහලට ඇතුලත්වී ඇති අතර බිරිද සමග ඉන්දියාවේ සංචාරයකද පසුගියදා නිරතවී ඇති බව සඳහන්.
ඔහුගේ බිරිඳටද මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති අතර ඇයද අයි.ඩී.එච්. රෝහලේ ප්රතිකාර සඳහා ඇතුලත්වී තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකරන බවයි වාර්තා වන්නේ.
