Gossip

කොරෝනා අසාදිත “බාබර්”ගෙන් කොණ්ඩය කැපූ 60 දෙනාට වුණු දේ මෙන්න.

කොළඹ,කෙසෙල්වත්ත, බණ්ඩාරනායක පුර මාවතේ සැලූන් එකේ කොරෝනා ආසාදිත බාබර්ගෙන් කොණ්ඩය කපාගත් 60දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කළා. ඔවුන්ගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කළේ නැහැ.නමුත්,මම ඒඅයට උපදෙස් දුන්නා නිවෙස් වලටම වෙලා නිරෝධායනය වෙන්න කියලා…”

මීට අමතරව එම සැලූන් එක අසළ එළවළු⁣ වෙළෙඳාම සිදුකළ කාන්තාවක ද පී.සී. ආර්. පරීක්ෂණයට යොමුකළ බවත් ඒ මහතා කීය.
මීට අමතරව කොණ්ඩය කපාගත් පිරිස පදිංචි වතු හතරක පවුල් 248 කට අයත් පුද්ගලයින් 1022දෙනකු නිරෝධායන කඳවුරු වෙත යොමුකළ බවද හෙතෙම සඳහන් කළේය.
මෙහිදී තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය.
“දැන් මේ කොරෝනා ආසාදිත බාබර්ගෙන් කොණ්ඩය කපාගත් තවත් අය ඉන්නවානම් අපිට කියන්න කියලා ඉල්ලා සිටිනවා.ඒ වගේ ම කොළඹ වතුවල ඉන්න අයට කියනවා තැන තැන ඇවිදින්න එපා කියලා.තව කට්ටිය එක්ක එකතුවෙලා කාඩ් සෙල්ලම් කරන්න එපා.ගෙවල් ගානේ යන්න එපා.සියලු දෙනා නිරෝධායන ඇඳිරි නීතියට ගරු කරන්න.ඒවගේම නිකරුණේ කොළඹ තැන් තැන්වල ඇවිදින්න එපා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!