Gossip

කොරෝනා අසාදිතයන් සුව වීමේ අනුපාතය ලංකාවේ ඉහළයි

ශ්‍රි ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සුව වීමේ අනුපාතය ගෝලීය, වශයෙන් කොරෝනා ආසාදිතයින්ගේ සුව වීමේ අනුපාතයට වඩා ඉහළ අගයක් ගන්නා බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සුව වීමේ අනුපාතය සියයට 56.92ක් වන අතර ගෝලීය වශයෙන් කොරෝනා ආසාදිතයින් සුව වීමේ අනුපාතය සියයට 49.23 කි .ලොව් වැඩිම කොරෝනා ආසාදිතයින් හා කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඇමරිකා එක්සත් ජනපදය (සියයට 38.17) , බ්‍රසීලය (සියයට 45.8) හා රුසියාව (සියයට 49.95)  යන රටවල ආසාදිතයන් සුව වීමේ අනුපාතය පවතිනුයේ ශ්‍රී ලංකාවට වඩා අඩු මට්ටමක වන අතර කොරෝනා මරණ සංඛ්‍යාව වැඩි මට්ටමක පවතින එංගලන්තය (සියයට 85.87 ) හා ස්පාඤ්ඤය  (සියයට 90.6 ) යන රටවල ආසාදිතයින් සුව වීමේ අනුපාතය ශ්‍රී ලංකාවට වඩා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවද සියයට 0.59 ක් වැනි අඩු මට්ටමක පවතී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!