කොරෝනා වසංගතය මැද ගණිකා වෘත්තියේ නියැලීමට කොළඹ සිට යාපනයට ගිය කාන්තාවක් ඉලවාලී පොලිසිය මගින් 26 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාන්තාව සමග හැසිරුණු තරුණයින් තුන්දෙනකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තරුණයින් තුන් දෙනා නිරෝධායනය කිරීම සඳහා පොලිසිය විසින් යුද හමුදාව වෙත භාර දී තිබේ.
අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශික්ෂණ රෝහලට යොමු කර ඇත. යාපනයේ ඉලවාලී පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.