Gossip

කොරෝනා අස්සේ චීනය න්‍යෂ්ටික පිපිරීමක් සිදුකරලා..? ලෝකයම කළඹමින් ලෝක බලවතා සිදුකළ දේ මෙන්න

චීනය රහසිගත භූගත න්‍යෂ්ඨික අත්හදා බැලීමක් සිදුකර ඇති බවට ඇමරිකාව චෝදනා කරනවා.
එවැනි පිපිරීම් තහනම් කෙරෙන ජාත්‍යන්තර සම්මුතීන් අනුගමනය කරන බව පවසමින් චීනය එම පිපිරීම සිදුකර ඇති බවයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ.
කොරෝනා වසංගතය චීනයෙන් ආරම්භ වූ අතර මෙම ගෝලීය වසංගතය සම්බන්ධයෙන් ඇමරිකාව සහ චීනය අතර දැන් පවතින්නේද දැඩි රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක්.
වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සඳහන් කරන්නේ චීනය න්‍යෂ්ඨික පිපිරීමක් සිදුකළ බවට ඇමරිකාව චෝදනා කිරීමත් සමග එය තවදුරටත් උත්සන්න වනුඇති බවයි.
1996 වසරේදී අත්සන් තැබුණු පරිපූර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුමට අනුව එවැනි පිපිරවීම් සිදුකළ නොහැකි බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!