Gossip

කොරෝනා අස්සේ එබෝලා, මාරාන්තික එබෝලා යළි මතුවෙයි – මෙන්න වෙන්න යන විනාශය

අප්‍රිකානු රටක් වන කොංගෝ රාජ්‍යයේ  පැතිර ගොස් ඇති   වෛරසයකින් පැතිර යන  මාරාන්තික එබෝලා වසංගතය   තවදුරටත් ජාත්‍යන්තර හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තීරණය කර ඇත .

මෙයට හේතු වී ඇත්තේ කොංගෝවෙන්  අලුතින් එබෝලා ආසාදිතයින් හමුවීම හේතුවෙනි .ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එබෝලා වසංගතය සම්බන්ධ සිය ස්ථාවරය ඊයේ (14දා) නිවේදනය කරන ලද්දේ කොංගෝව විසින් සිය නවතම එබෝලා වසංගත තත්ත්වය පිළිබඳව නිවේදනය කිරීමට සැලසුම් කරමින් සිටියදී බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි .මෙම නවතම එබෝලා වසංගතය කොංගෝවේ දස වැනි එබෝලා   වසංගත තත්ත්වය ලෙස වාර්තා වී ඇත .

මේ වන විට කොංගෝ රාජ්‍යයේ   2018 වසරේ අගෝස්තු මාසයේ සිට  පැතිර යමින් පවතින එබෝලා වසංගතය හේතුවෙන්  2276 දෙනෙකු මිය ගොස් ඇත .මෙම වසංගතය මුලින්ම වාර්තා වුයේ කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයෙනි .

දින 42 ක කාලයක් කොංගෝ වෙන් කිසිදු එබෝලා රෝගියෙකු වාර්තා නොවීම නිසා ඉකුත් සිකුරාදා (10දා )රැස් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි තත්ත්ව කමිටුව එබෝලා රෝගය  සම්බන්ධයෙන් පනවා ඇති ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වය   ඉවත් කරන්නේද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතව තිබිණි .කෙසේ වුවද ඒ අතරතුර කොංගෝ වෙන් අලුතින් එබෝලා රෝගින්  වාර්තා වීමත් සමගම එම තීරණය ගැනීම අත්හිටුවා තවදුරටත් එය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස පවත්වාගෙන යාමට එම කමිටුව තීරණය කර ඇත

කොංගෝ රාජ්‍යයෙන් අලුතින් එබෝලා රෝගීන් තිදෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය  සංවිධානය පවසයි .මෙම මිය ගොස් ඇති රෝගීන් දෙදෙනාගෙන් එක් අයෙකු 26 හැවිරිදි තරුණයෙකු වන අතර අනෙක් රෝගියා තරුණියකි .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!