Gossip

කොරෝනාට එරෙහි සටනේදී ත‍්‍රිවිධ හමුදාවේ මෙහෙවරට , ඇමරිකා හමුදාවේ ප‍්‍රශංසා

කොවිඞ් 19 රෝගය පාලනය කිරීමට ශ‍්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙළට ති‍්‍රවිධ හමුදාවේ දායකත්වය පිළිබඳව එක්සත් ජනපද ආරක්‍ෂක හමුදාවේ ප‍්‍රශංසාව හිමිව තිබේ.

කොවිඞ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකාවේ සහ විදේශ ආරක්‍ෂක උපදේශකයන් සමඟ යුද හමුදා මූලස්ථානයේ පෙරේදා (21 වැනිදා පැවති සාකච්ඡුාවවේදී ත‍්‍රිවිධ හමුදාවේ කැපී පෙනෙන කාර්යභාරය පිළිබඳව එක්සත් ජනපද ආරක්‍ෂක හමුදාවේ ඇගයීමට ලක්වී ඇත.

මෙම සාකච්ඡුාවේදී කොවිඞ් 19 උවදුර මැඬලීම වෙනුවෙන් දැනට ගෙන තිබෙන ක‍්‍රියාමාර්ග සහ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද ශවේන්ද්‍ර සිල්වා මහතා විදේස් ආරක්‍ෂක උපදේශකයන් දැනුම්වත් කර තිබේ.

එසේම ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වන කාලය තුළ ජංගම රථ මගින් ජනතාවට විවිධ ආහාර බෙදාදීම සඳහා ත‍්‍රිවිධ හමුදාවේ ප‍්‍රවේශය පිළිබඳව ද අදහස් දක්වා ඇත.

සියලූම දෙනා සමඟ මෙම ව්‍යසන තත්ත්වය පිළිබඳව සහයෝගයෙන් කටයුතු කිරීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡුාව සංවිධානය කර ඇති අතර, මෙම අවස්ථාවට යුද හමුදා ක‍්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බි‍්‍රගේඩියර් හරේන්ද්‍ර රණසිංහ, කොවිඞ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ සැලසුම් සම්බන්ධීකරණ නිලධාරි බි‍්‍රගේඩියර් කපිල දොලගේ, එක්සත් ජනපද, ඕස්ටේ‍්‍රලියානු, බංග්ලාදේශ, ඉන්දියානු, මාලදිවයින, මහ කොමසාරිස් කාර්යාලවල ආරක්‍ෂක උපදේශකවරුන්, ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරුන් ඇතුළු තානාපති කාර්යාලවල ආරක්‍ෂක ප‍්‍රධානීන් එක්ව සිටියහ.

ලසිත දුමින්ද

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!