යුද්ධයෙන් මියගිය උතුරේ පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා යාපනය දිස්ත්‍රික්කයේ සැමරුම් උත්සව සහ රැස්වීම් පැවැත්වූ එකොළොස්දෙනකු යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක් කරන ලෙස යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (18 වැනිදා) නියෝග කර තිබේ.
රටේ උද්ගතව පවතින සෞඛ්‍ය අවදානම් තත්ත්වය හේතුවෙන් ජනතාව රැස් කරමින් මෙවැනි සැමරුම් උත්සව වැඩසටහන් නොපවත්වන ලෙස දන්වමින් යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල්ඩ් විසින් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබිණි.
