කඳුකර කොටියෙකු මරා මස් අලෙවි කරමින් සිටි මහනුවර, උඩුදුම්බර ප්‍රදේශයේ අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් සහ මස් අලෙවි කිරීම සඳහා යොදාගත් ත්‍රීරෝද රථයක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත.
උඩදුමිබර පොලීසියට ලද තොරතුක් මත එම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
උඩදුමිබර, කලල්ගමුව ප‍්‍රදේශයේ දී ඌරන්ට ඇටවූ මන්දකට එම කොටියා හසුවී ඇති බව පොලීසිය විසින් සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළිකරගෙන ඇත.
හසු වූ කොටියා මස් කර අලෙවි කිරීමට කටයුතු කර ඇති අතර අදාළ කාන්තාව ඔවුන් දෙදෙනාට සහය වී ඇත.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මියගිය කොටියාගේ ශරීර කොටස් සොයා ගැනීමට පොලීසියට හැකිවී තිබෙනවා.
සැකකරුවන් අද දින (25) තෙල්දෙනිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
