පුංචි තිරයෙන් ඔබේ ආලින්දට පැමිණි කවුරු අතරත් ජනප්‍රිය නිළියක් තමයි මුතූ තරංගා කියන්නේ.
මේ ඇය ගැන සතිඅන්ත පුවත්පතක පලවූ ලිපියක්.
මෙච්චර කාලයක් ඇයි හැංගිලා හිටියෙ?
ඇත්තටම මට ක්ෂේත්රය ගැන ලොකු කලකිරීමක් තිබුණා.
සමහර රූගත කිරීම්වලදී කෑම බීම අන්තිමයි. අපිට ඇඳුම්, වාහන තියෙනවා නම් තමයි නාට්‍යවලට ගන්නෙ. අනෙක සල්ලි දෙන්නත් පරක්කු වෙනවා.
ගායනය පැත්තට යොමු වුණේ රංගනය ගැන කලකිරුණු නිසාද?
ඔව්. ඇත්තටම කලකිරුණු නිසා. නැත්නම් මං තාමත් රංගන කටයුතු විතරයි කරන්නෙ. ඒ නිසාම තමයි මම ‘ළං වුණා’ ගීතයත් කළේ.
දැන්මම විවාහ වෙන්න අදහසක් නැද්ද?
මම හිතන්නෙ හැමදේටම වාසනාව සහ වෙලාව තියෙන්න ඕන. කොච්චර බලාපොරොත්තු තිබුණත් වැඩක් නැහැ. මගේ බලාපොරොත්තු ගොඩක් කඩවුණා. හිත් රිදීම් ඇති වෙන නිසා මම දැන් ලොකුවට බලාපොරොත්තු තියාගන්නෙත් නැහැ.
ඒ තැනට මම වැටෙන්න කැමැති නැහැ.
මොනවද අලුත් වැඩ?
අලුතින් සින්දුවක් කළා. ළඟදීම ඒකට වීඩියෝ එකක් කරන්න ඉන්නෙ. ඒ ගීතය නම් කරලා තියෙන්නේ ‘දිවුරලා’ කියන නමින්. එහි සංගීතය චන්දන වල්පොලගේ. පද රචනය සජිත් වී. චතුරංගගේ.
![](http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2018/12/12152648/logo-new-webgossip-2018.jpg)