Gossip News

කොග්ගල හෝටලයක 22කට කොවිඩ්… බස්නාහිර විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුටත් කොවිඩ්

බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
එම විමර්ශන ඒකකයේ කාර්යාලය පිහිටා ඇත්තේ කොළඹ කොටුව පොලිස් ස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ දෙවන මහළේය.
පසුගියදා අදාළ පොලිස් නිලධාරියා පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරගෙන ඇති අතර, එහි වාර්තා වලට අනුව ඔහු ආසාදිතයෙකු බවට තහවුරු කරගෙන තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අනෙකුත් නිලධාරීන් ද පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමිතව ඇත.
මේ අතර කොග්ගල හෝටලයක් තුල පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ද ආශ්‍රිතයින් අතුරින් පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත.
අද (20) දින ලැබුණු PCR වාර්තවලින් තහවුරුවි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා සඳහන් කරනවා.
එම කොවිඩ් ආසාදිතයන් අතර පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු කාන්තාවන් 09 දෙනෙකු හා පිරිමි දරුවන් 03 නෙකු සිටින බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කරයි.
(19) දින මෙහි නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 272 දෙනෙකුගේ PCR පරික්ෂණ සිදුකර ඇති අතර ඉන් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
ආසාදිත රෝගින් වැඩිදුර ප්‍රථිකාර සදහා රෝහල්වෙත රැගෙන යාමට නියමිතව ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!