Gossip News

කුලුගෙඩියකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කරයි

හොරණ  අරමනාගොල්ල කර්මාන්ත ශාලාවක නේවාසිකාගාරයක් තුළ දී පුද්ගලයන්  දෙදෙනෙකුගේ හිසට කුලුගෙඩියකින් පහරදී ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට  ගත් සැකකරු හොරණ අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 29  දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ මකුලෑව බුල්නෑව පදිංචි වසන්ත ජයසිංහ 34 නමැත්තා ය.

ඉකුත් 15 වැදි දින ආයතනයෙන් ප්‍රමාණවත් පරිදි වැටුප් නොගෙවීම සම්බන්දව සැකකාර පුද්ගලයා ආයතන හිමි කරුට දොස් පැවරීමේදී  ඊට එරෙහි ව මියගිය පුද්ගලයන් දෙදෙනා සහ බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා කථා කිරීමත් සමඟම බහින් බස් වීමෙන්  පසු  මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.

පහර දීමට යොදා ගත් කුළුගෙඩියේ මිට  කොටස් දෙකකට වෙන් වී තිබී හමුවූ බව පොලිසිය අධිකරණයට දැන්වීය .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!