Gossip

කුලියාපිටියේ කොවිඩ් ආසාදිතයන් ඉහළට – දේව මෙහෙයකට සහභාගී වූ අයට කොවිඩ්.. අලුත්ම තොරතුර මෙන්න

කුලියාපිටියේ එක්තරා ආගමික නිකායක පල්ලියක දේවමෙහෙයක් සඳහා සහභාගී වූ පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බව වාර්තා වනවා.
මේ වනවිටත් කුලියාපිටියේ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා පනවා තිබෙනවා.
අදාල දේව මෙහෙයට සහභාගී වූ පුද්ගලයන්ගේ පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රතිඵල ඊයේ (19) පස්වරුවේ පැමිණ තිබුණා.
එහිදී 14 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතිබව තහවුරු වී තිබෙනවා.
කුලියාපිටියේ දේව මෙහෙයට එක්වීම නිසා ස්වයං නිරෝධායනයට ලක්වූ පිරිසක් මෙසේ කොවිඩ් ආශ්‍රිතයන් බවට පත්වී තිබේ.
කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බල ප්‍රදේශයේ මුලු කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 25ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!