Gossip News

කිරිවත්තුඩුව වෛද්‍ය මධ්‍යස්ථානයක් වසයි

කොරෝනා ආසාදිතයකු ප්‍රතිකාර ලබාගත් බව කියන කිරිවත්තුඩුව ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ඊයේ(13)දින මුද්‍රා තබා ඇති බව වාර්ථා වෙයි.

එහි වෛද්‍යවරයා ඇතුළු තිදෙනෙකු ස්වයං නිරෝධායනය ට ලක් කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

අදාල ආසාදිතයා රත්මලාන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු පුද්ගලයෙක් වන අතර ඔහු මිතුරෙකුගේ විවාහ මංගල උත්සවයක් සඳහා සහභාගි වී ඉන් දින කිහිපයකට පසුව ඉකුත් (12) දා මොහුටද වෛරසය ආසාදනය වී ඇති බව පැවසේ.

මොහු ඉකුත් 06 , 08 සහ 09 දා පී.සී.ආර් පරීක්ෂණ වලට ලක්ව ඇති අතර ඉන් පළමු වාර්තා දෙකින්ම මොහුට කොරෝනා ආසාදනය වී නොමැති බවට වාර්තා වූවද තෙවන වාර්තාවෙන් ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව වාර්ථා වෙයි.

කිරිවත්තුඩුව හන්දියේ පිහිටි මෙම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට මොහු ඉකුත් 10 දා ගොස් වෛද්‍යවරයාට පෙර නිකුත් වූ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා පෙන්වා උපදෙස් හා ප්‍රතිකාර ලබා ගෙන ඇත.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!