කහවත්ත මූලික රෝහල වෙත පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා රැගෙන එනු ලැබූ වැලිගෙපොල පදිංචි 65 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් නිසා කැළඹිළි තත්ත්වයක් කහවත්ත රෝහලේ ඇතිවිය. සැකසහිත දේහය රත්නපුර ශික්ෂණ රෝහලට යැවීමෙන් පසු එම දේහය මෘත
ශරීරාගාරයේ තැන්පත් කළ කහවත්ත රෝහලේ සේවකයෙකු නිරෝධායනයට ලක්කර ඇතත් මරණය ගැන පරීක්ෂණ වාර්තා නොලැබීම නිසා කහවත්ත රෝහලේ කණිෂ්ට සේවකයන් රාජකාරියෙන් ඉවත් වුහ. ඊයේ 21 උදෑසන කහවත්ත මුලික රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකවරුන් 125 දෙනෙකු මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගට එක්වූහ. ඉකුත් 18 වැනිදා
වැලිගෙපොල රෝහලේදී මියගිය කාන්තාවකගේ සිරුර ඊට ආසන්න බලන්ගොඩ මූලික රෝහල වෙත රැගෙන නොයා කහවත්ත මූලික රෝහල වෙත රැගෙන පැමිණි බව කහවත්ත මූලික රෝහලේ ප‍්‍රගතිශීලී සෞඛ්‍ය සේවා සංගමයේ ඩබ්ලිව්. එම්. එස් ප‍්‍රියසෝම මහතා කීවේය. කහවත්ත රෝහලේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත එම සිරුර මෘත ශරීරාගාරයේ තැන්පත් කළ බවත් මරණය ගැන ඇතිවූ සැකය මත සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත 19 වනදා යැවූ බවත් ඔහු පැවසීය.
සිරුර මෘත ශරිරාගාරයේ තැන්පත් කළ සේවකයා රෝහල් අධිකාරිවරයාගේ නියමය මත කාමරයක තබා නිරෝධායනයට ලක් කර ඇත. එහෙත් දින තුනක් ගතව 21 වනදා වන විටත් මරණය ගැන පරීක්ෂණ වාර්තාව නොලැබීම නිසා සුළු සේවකයා රෝහලේ කාමරයක රඳවා සිටීමත් රෝහල් සේවකයින්ට ආරක්ෂිත ඇදුම් නොලැබීම සහ ඇඳිරි නීතිය අවස්ථාවේදී ප‍්‍රවාහන පහසුකම් නොලැබීම නිසා තමන් වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙමින් සේවා කටයුතුවලින් උදේ 7 සිට ඉවත් වූ බව කහවත්ත රෝහලේ ප‍්‍රගතිශීලී සෞඛ්‍ය වෘත්තීය සමිතියේ සභාපති වරයා පැවසීය. රෝහල් අධිකාරි වෙද්‍ය වරුණ සම්පත් මහතා සමග පැවති සාකච්ඡුාවේදී වෛද්‍ය අධිකාරිවරයා දැනුම් දී ඇත්තේ රත්නපුර ශික්ෂණ රෝහල වෙත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යැව් සිරුර එහිදී පරීක්ෂණයට යොමු කර ඇතත් එම මරණය සැක සහිත මරණයක් නොවෙන බවට තහවුරු වී ඇති බවයි.
