සමාජ මාධ්‍යවල පළ කර ඇති ඡායාරූප නිරුවත් ලෙස සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව නවතම වාර්තාවකින් තහවුරු වී තිබේ.
කාන්තාවන් 100,000කට අධික සංඛ්‍යාවකගේ ඡායාරූප මෙලෙස සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර ඇති බව අදාල වාර්තාවේ සඳහන් වේ.
Artificial Intelligence යටතට ගැනෙන පරිගණක තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන අදාළ ඡායාරූපවල ඇඳුම් ඉවත් කර Telegram වැනි මෙවලම් හරහා ඒවා මුදා හැර ඇතැයි අදාළ වාර්තාවේ සඳහන් වේ.
මෙම ජාවාරම සඳහා බාලවයස්කාර පෙනුමක් සහිත කාන්තාවන්ගේ ඡායාරූප වැඩි වශයෙන් ඉලක්ක වී ඇති බව එම වාර්තාව සකස් කළ Sensity නමැති බුද්ධි තොරතුරු ආයතනය පවසයි.