Gossip

කසිප්පු ජාවාරම්කරුවෙක් සහ හිමිනමක් පොලිසියට පැන අයිපීට පහර දීලා.

වාරියපොළ ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවකු සහ ස්වාමීන්වහන්සේ නමක් ඇතුලු කණ්ඩායමක් වාරියපොළ පොලිසියේ රථ වාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයෙකුට පොලිසිය තුළදීම ඊයේ පහර දී ඇතැයි වාරියපොළ පොලිසිය පැවසීය.

පහරකෑමෙන් අසාධ්‍ය තත්වයේ පසුවු පොලිස් පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කොට තිබේ. පොලිස් නිලධාරියාට පහරදුන් පුද්ගලයාගේ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධව මෙම පොලිස් නිලධාරියා විසින් වැටලීම සිදුකොට තිබේ.

පසුව මෙම නිලධාරියා මහපාරේ ගමන් කරනා විට අතර මගදී නවත්වා තමාගේ කසිප්පු ජාවාරමට ඇගිලි නොගසන ලෙස ජාවාරම්කරු තර්ජනය කොට ඇත.

එය නොතකා පොලිස් නිලධාරීයා තමන්ට මුහුණ දීමට වු සිද්ධිය පිළිබද සටහනක් යොදා ඇත.

ඒ වන විටත් පොලිස් පරීක්ෂකවරයා පසුපල හඹාවිත් පොලිසියට පැමිණ ඇති කසිප්පු ජාවාරම්කරු සහ ස්වාමීන්වහන්සේ ඇතුලු මැර පිරිසක් පොලිස් නිලධාරියාට බැණවැදී හිසෙන් අල්ලා බිත්තියේ හප්පා ඇත.

එම අවස්ථාවේ පොලිසියේ සිට ඇත්තේ කොස්තාපල්වරියක් සහ ආබාධිත තත්වයේ පසුවන නිලධාරියෙක් පමණි. පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර වාරියපොළ පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!