Gossip

කවදාහරි මැරෙන්න ඕනෑ මිනිසුන්ගෙ හිත දිනාගෙනයි. ජීවත්වූ හරය සමාජයට දැනෙන විදියට කටයුතු කිරීම වැදගත් – ෂෙහානි කහදවල

ෂෙහානිට ‘රෝසි’ කියලත් කියනවා නේද?
ගෙදරට කියන්නෙ රෝසි කියලා.

ෂෙහානිට ඇත්තටම ඇයි කලා ක්ෂේත්‍රයට එන්න හිතුණේ?
ඒක ඇත්තටම අහම්බයක්. නිවේදනයට එන්න ලැබුණෙ අහම්බයකින්. ඒ එක්කම රංගනයට එන්න ලැබුණා. දැන් දිගටම රංගනයේ යෙදෙනවා. සාමාන්‍යපෙළ කරලා සිටියදී තිර පරීක්ෂණයකට පෙනී සිටීමට එදා ආරාධනා ලැබුණා. හැබැයි මගේ අරමුණ වුණේ ගුවන් සේවිකාවක වීමටයි.

ගුවන් සේවිකාවක වීමේ සිහිනයට මොකක්ද වුණේ?
මේ ක්ෂේත්‍රයට ආවාම, කලාව හොඳයි කියලා හිතුවා. අපි කරන එක දෙයක් හෝ හරියට කරන්න එපායැ. ඒ නිසා කලාව තෝරා ගත්තා.

ඒත් නිතරම ‘ටෙලි’ නාට්‍යවල දකින්නට නැහැනෙ?
විවේකයක් ගත්තොත් හොඳයි කියලා හිතුවා. ඒකට හේතුව මට ආයෙත් දැනෙන චරිතයක් නොලැබුණ නිසයි.

ඒ කියන්නෙ ඕනෑම චරිතයක් රඟපාන්න කැමති නැහැ?
එකම තැන, එකම දේ කරන්න මම කැමති නැහැ. වෙනස් චරිත කිරීමට තමයි ආසා.

වේදිකාවට සිනමාවට ආරාධනා නැද්ද?
සිනමාවට ආරාධනා ආවෙ නැහැ. වේදිකාවට ආවෙත් නැහැ. හැබැයි වේදිකාවේ රඟපාන්න තියෙනවා නම් හොඳයි. එතැනින් අපට ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි. දැන් හැබැයි මගේ ප්‍රධාන අරමුණ ගායිකාවක වීමටයි.

ගායනයට කොහොමද බැඳීමක් ඇතිවුණේ?
අපේ තාත්තාට වගේම ආච්චිටත් ගීත ගැයීමේ හැකියාව තියෙනවා. කුඩා කාලයේ ඉඳලාම මට ලැබුණෙ ඒ ආභාෂය. ආච්චි සංගීතය උගන්වන ගුරුවරියක ලෙසත් කටයුතු කළා. ඒ ආභාෂය එක්ක පාසල් ජීවිතයේදී මගේ ගමන පටන් ගත්තෙ ජන ගී ගායනයෙන්. පහ වසරේදී භක්ති ගීත වැඩ සටහන්වලට දායක වුණා. පසුව ජන ගී අංශයෙන් සමස්ත ලංකා ඉසව්වලට දායක වෙලා සහතික පවා ලැබුවා.

මේ දිනවල ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේදී දැකගන්න පුළුවන් නිර්මාණ මොනවද?
ලොකු ප්‍රමාණයකට දායක වෙලා නැහැ. ඒක මගේ හැටියක්ද මන්දා.

ඕනෑම චරිතයක් රඟපාන්න බැරිද? නැත්නම් කැමති නැද්ද?
එකම චරිතයකට කොටු වෙන්න කැමති නැහැ. වෙනස් කතාබහකට ලක්වන චරිතයකට කැමතියි.

ගායනයට පිවිසෙන්න හදන්නෙ මොන විදියටද?
ඕනෑම ගායන ශිල්පිනියක් වගේ මාත් මට අනන්‍යවූ හඬකින් ගායන ක්ෂේත්‍රයේ ඉදිරියට යාම අරමුණයි. මට හිතෙන විදියට මිහිරි හඬක් මට උපතින්ම උරුම වී තිබෙනවා. සංගීත වැඩසටහනකදී විශාරද මනෝජ් පීරිස් මහතා හමුවූ අවස්ථාවකදී මාව හරියට ධෛර්යවත් කළා. මගේ හඬ ඉතා මිහිරි බවත් කිව්වා. එයා මට එදා ඉඳලා හරියට උදව් කරනවා. ඒ වගේම දිරි ගන්වනවා. විශේෂයෙන් එයාට ස්තුතිවන්ත වෙන්න ඕනෑ.

ශාස්ත්‍රීය වගේම බටහිර ආරෙටත් ගයන්න පුළුවනිද?
ඕනෑම ශෛලියකට අනුව හැකියාව තියෙනවා. ඒත් හොඳ ගායන ස්ථාවරයක් තබාගන්න නිරන්තර අභ්‍යාස කරන්න වෙනවා. හඬ පුහුණුව වගේම අභ්‍යාස කරන්න වෙනවා.

වයන්නත් පුළුවන්ද?
පාසල් කාලයේදී වයලීනය වැයුවා. දැන් නම් සංගීත භාණ්ඩ වයන්නෙ නැහැ. ගායනයට තමයි වැඩි ආසාව තියෙන්නෙ.

ඔබගේ මේ අලූත් ගීතය කවදද එළි දක්වන්නෙ?
මේ වසර ඇතුළතදී එය එළිදක්වනවා.

ගායනයේදී ඔබගෙ ස්ථාවරය හදාගන්න නම්?
අද කාලයේ විදියට හැඩගැහෙන්න ඕනෑ. අතීතයේ දේ වටිනවා, ඒත් අපි සිටින්නෙ වර්තමානයේ. බොහෝදෙනා බොහෝ විට ප්‍රසංසා කරන්නෙ අතීතයේ දේවලට. හැබැයි වර්තමානයේදී අපි හරියට දෙයක් කළොත් එය තමයි අනාගතයට ආයෝජනයක් වෙන්නෙ. තාක්ෂණය එක්ක ඉස්සරහට යන්න ඕනෑ. එහිදී සමාජයට ගැලපෙන දෙයක් වගේම අදට ගැලපෙන දෙයක් කිරීම අරමුණයි. සංගීතය විශ්ව භාෂාවක්නෙ. එහිදී දැනෙන සහ විඳින්නට මෙන්ම විඳගත හැකි දේ කිරීම තමයි කළ යුත්තෙ.

ෂෙහානිට ආදරය ජීවිතය ගැන දැනෙන්නෙ හැෙඟන්නෙ කොහොමද?
ආදරය නැතුව බැහැනෙ. ආදරය නැතුව අමාරුයි. මනුස්සකම එක්ක පවතින්නෙ ආදරයයි. ආදරය ජීවිතයට අවශ්‍යමයි.

ඔබ ආදරය විඳිනවද?
ඔව්.

ජීවිතය ගැන දැනෙන විදිය කිව්වොත්?
මේක හරියට රවුමක් වගෙයි. මව්පියන් අපිව මෙලොවට බිහිකරලා, ඇති දැඩි කරලා, පාසල් යවලා, උගන්වලා, හොඳ මනුස්සයෙක් ලෙස සමාජ ගත කළා. ඒ දේ රැකගෙන මොළය පාවිච්චි කරලා වැඩ කිරීම මගේ විදියයි. කවදාහරි මැරෙන්න ඕනෑ මිනිසුන්ගෙ හිත දිනාගෙනයි. ජීවත්වූ හරය සමාජයට දැනෙන විදියට කටයුතු කිරීම වැදගත්.

ෂෙහානි කිව්වාම කොහොම ස්වභාවයේ කෙනෙක්ද?
සමහරවිට මතුපිටින් ආඩම්බර වගේ පෙනෙන්නට පුළුවනි. ඒත් මම එහෙම නැහැ. හරිම සරල කෙනෙක්. ටිකක් ඉක්මණට තරහා යනවා. හැබැයි අහිංසක කෙනෙක්.

ෂෙහානි වැඩියෙන්ම කැමති ගීතය?
කසුන් කල්හාරගෙ කවුළු පියන්පත් අරින්න.

උපුටා ගැනීමයි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!