Gossip

කන්දකාඩු කොරෝනා පොකුර පැතිරුණාද..? PCR පරීක්ෂණ සිදුකිරීම අරඹයි

කන්දකාඩු කොරෝනා ආසාදිත පොකුර හරහා දිවයිනේ දිස්ත‍්‍රික්ක ගණනාවක ප‍්‍රජාව තුළ කොරෝනා වෛරසය සුළු වශයෙන් පැතිර ගොස් තිබීම හේතුවෙන් ප‍්‍රජාව තුළ මෙම වෛරසය පැතිර ගොස් ඇති ආකාරය පිරික්සීම සඳහා දිවයිනේ සෑම දිස්ත‍්‍රික්කයකම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි අහඹු කණ්ඩායම් තෝරාගෙන පී. සී. ආර්. පරීක්ෂණ සිදු කිරීම අරඹා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පිහිටි අවදානම් තත්ත්වයේ පවතින සෑම ආයතනයක්, පාසලක් තුළින් තෝරා ගත් අහඹු කණ්ඩායම් සඳහා මෙම පරීක්ෂණ සිදු කෙරෙන බවයි.
මෙහිදී කොළඹ මහ නගර සභා සීමාව ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කිහිපයක් අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
තවද කන්දකාඩු කොරෝනා ආසාදිත පොකුරේ සාමාජිකයන් ඇසුරු කළ අය මෙන්ම එම පුද්ගලයන් ඇසුරු කළ අයද සොයා සිදු කරන මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙන කෙරෙන බවද සඳහන්.
පසුගිය (25දා) වන විට දිවයින පුරා සිදු කර තිබූ මුළු පී. සී. ආර්. පරීක්ෂණ සංඛ්‍යාව එක් ලක්ෂ පනස් එක්දහස් තුන්සිය විසි හතරක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!