Gossip

කන්දකාඩුවේ කොරෝනා ආසාදිතයෝ කොසු ඉදල්වලින් ගහගෙන

කන්දකාඩුව ‘කොවිඞ් 19’ විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර පෙරේදා (21 දා) රාත‍්‍රියේ ඇතිවූ ගැටුමකින් 05දෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.

මොවුහු ප‍්‍රතිකාර සඳහා වැලිකන්ද ‘කොවිඞ් 19’ විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබේ.

ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා අප කළ විමසුමක දී පැවසීය.

කන්දකාඩුව සහ සේනපුර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානවලින් හමු වූ කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර මේ ගැටුම ඇතිවී තිබේ.

කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයෙන් හමු වූ කොරෝනා ආසාදිතයෝ 279දෙනෙක් සහ වැලිකන්ද සේනපුර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයෙන් හමු වූ කොරෝනා ආසාදිතයෝ 84දෙනෙක් මෙහි ප‍්‍රතිකාර ලබමින් සිටිති. ඔවුන්ගෙන් කණ්ඩායම් දෙකක් අතර මේ ගැටුම ඇති වී තිබෙන බව පැවසෙයි. ගැටුමට මැදිවූ පිරිස අතින් පයින් පමණක් නොව එම ‘කොවිඞ් 19’ විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ සනීපාරක්‍ෂක පහසුකම් සඳහා භාවිත කෙරෙන කොසු ඉදල් ආදියෙන් ද එකිනෙකාට පහරදී තිබෙන බව පොලිසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!