Gossip News

කටුනායක සහ සීදුව ප්‍රදේශයෙන් ආසාදිතයන් 102 ක්.. වැඩිම පිරිසක් නිදහස් වෙළඳ කලාපයෙන්..

කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ මේ වනවිට සමස්ථ කොරෝනා ආසාදිතයන් 102 ක් වාර්තා වන බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පවසයි.
ඔවුන් අතරින් වැඩි පිරිසක් පළමු ආශ්‍රිතයන් සහ කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා සඳහන් කළේය .
කටුනායක වෙළෙඳ කලාපයේ තවත් සේවක සේවිකාවන් 42 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අනූව එම කලාපයෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 67 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතරින් බහුතරය සීදුව ප්‍රදේශයේ නවාතැන්පොළවල සිටින අය වේ.

සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඊයේ (12) සිදුකළ පීසීආර් පරීක්ෂණ 220 ක් අතුරින් 34 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!