”ගරු කටයුතු මහත්මයාණෙනි, සුබ උදෑසනක්. ඔවුන් අද දින පැය 06.00 හා 10.00 අතර ක‍්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි මහත්මයාණෙනි” කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයකි” යනු හරියටම මීට වසරකට පෙර මෙරට බුද්ධි අංශයෙන් එහි ප‍්‍රධානියා වෙත යැවූ වට්ස්ඇප් පණිවුඩයකි.
මෙය පාස්කු ප‍්‍රහාරය පිළිබඳව නිකුත් කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ පිටු අංක 64 සඳහන්ව තිබේ. ගරු කටයුතු මහත්වරු නිසි ලෙස පියවර නොගැනීම නිසා සිදුවූයේ කවර විපතක්ද? පල්ලියට ගිය අසරණ බැතිමතුන්ට වහාබ් යක්ෂයන්ගේ මරාගෙන මැරෙන ප‍්‍රහාරවලට ලක්ව කෑලි කෑලි වලට කැඞී ඛේදනීය මරණයක් වැළඳගන්නට සිදුවිය. පාස්කු දිනයේ සිදුවූයේ ප‍්‍රහාර වැළකි. පළමු ප‍්‍රහාරය කොළඹ කොච්චිකඬේ දේවස්ථානයේ සිදුවූයේ පෙරවරු 8.25 ට පමණය. දෙවැන්න මීගමුව කටුවාපිටියේ පෙරවරු 8.45 ට, මඩකලපුව සියෝන් දේවස්ථානයේ පෙරවරු 9.05 ට ද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල විය. පෙරවරු 9.15 සහ 9.20 අතර විනාඩි පහ තුළ සිනමන් ග‍්‍රෑන්ඞ්, කිංග්ස්බරි සහ ෂැංග‍්‍රිලා යන හෝටලවලත් පස්වරු 2.00 ට දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේත් 2.15 ට දෙමටගොඩ නිවසකත් බෝම්බ පිපිරීම් සිදුවිය.
ඇත්තෙන්ම වහාබ්වාදීන්ගේ පාස්කු දින ප‍්‍රහාරය එක්තරා සිද්ධි දාමයක කූටප‍්‍රාප්තිය මිස තවත් එක් හුදෙකලා සිද්ධියක් නොවේ. ඔවුහූ සිරියාවේ හා ඉරාකයේ සිදුවන අයිසිස් ක‍්‍රියාකාරකම් නිසා උද්දීපනයට පත්වූ ත‍්‍රස්ත පිරිසකි. මේ ප‍්‍රහාරයේ මූල බීජය රෝපණය වන්නේ නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ප‍්‍රදේශයේය. මෙරට ආරක්ෂක කවුන්සිලයේදී ප‍්‍රථම වරට සහරාන් පිළිබඳ සාකච්ඡුා වන්නේ 2015 දීය. සහරාන්ට එරෙහිව ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පළමු පැමිණිල්ල ලැබෙන්නේ 2016 දීය. නමුත් 2019 අපේ‍්‍රල් 21 වැනිදා කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයට පැමිණි කැප් තොප්පියක් පැළඳ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගත් පුද්ගලයා සහරාන් බව හඳුනාගන්නා තෙක් මෙරට ආරක්ෂක අංශවලට මේ යක්ෂයා අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. රැඩිකල්කරණයට ලක්වූ මුස්ලිම් තරුණයන් 94 කගේ නම් ලැයිස්තුවක් 2017 ඔක්තෝබර් මාසයේත් එවැනි තවත් තරුණයන් 129 කගේ නම් ලැයිස්තුවක් පාස්තු ප‍්‍රහාරයට මාස දෙකකට පෙරත් රාජ්‍ය බුද්ධි සේවාව විසින් පොලිසියට ඉදිරිපත් කරනු ලැබුව ද ගනු ලැබුවේ කවර ක‍්‍රියාමාර්ගයක්ද? මේ කාලයේ ආරක්ෂක මණ්ඩලයේදී කතා කරනු ලැබුවේ රිලවුන්ට වඳුරන්ට වෙඩි තැබීම ගැනද?
පසුගිය ආණ්ඩුවේ ප‍්‍රධානියා ඇතුළු ආරක්ෂක බලධාරීන් සියලූ දෙනා නිරපරාදේ ඝාතනය වූ වැසියන්ගේ ජීවිතවලට වගකිව යුතුය. පහන් දල්වා පමණක් මියගිය අය සිහිකිරීමෙන් පලක් නැත. සියලූ ත‍්‍රස්තයන් හා ඔවුනට උදව් කළ සියලූ දෙනා අත්අඩංගුවට ගෙන උපරිම දඬුවම්දීම අනිවාර්ය වේ. මන්ද මේ ඝාතන දේශපාලන නායකත්වයේ මෙන්ම ආරක්ෂක ප‍්‍රධානීන්ගේ ද නොසලකා හැරීම් නිසා සිදුවූවකි. සහරාන්ගේ කණ්ඩායම බෝම්බ බැඳගෙන එන විට ගේට්ටු ඇර පල්ලි දොර විවර කරදීමක් සිදුව ඇත. මුස්ලිම් ත‍්‍රස්ත ක‍්‍රියාකාරම් වර්ධන වෙමින් පැවතිය ද ඒවා නොසලකා හැර ඇති බව පෙනෙන්නේ වර්තමානයේ සිදුකෙරෙන පරීක්ෂණවල ප‍්‍රගතිය අනුවය.
දිවයින.
