ආදරේ කියලා හැඟීමට වහල්වෙලා ගන්න තීරණ නිසා සමහරු මොනතරම්නම් දුක්විඳිනවද..?
සමහර වෙලාවට ආදරේ නිසා විවාහ වෙලා ටික කාලයක් යද්දි නයයි, මුගටියයි ගාණට දෙන්නා මරාගන්නවා.
ඒ නසයි කියන්නේ හැඟීමට වඩා බුද්ධියට ඉඩක් දීලා ජීවිතේ සමහර තීරණ ගන්න ඕනේ කියලා.
මේ අපි කියන්න යන්නෙත් ඒ වගේ දුක්මුසු කතාවක් ගැන පොලිස් පොතේ ලියවුණු හැටි ගැනයි.
උදේම මම පොලීසියට ගියේ කලින් දාගත්තු වැඩකට යාලුවෙක් එක්ක…අපි හම්බවෙන ගිය නිළධාරියා එනකම් ටික වෙලාවක් අපිට ඉඳගෙන ඉන්න උන නිසා වටේපිටේ තියෙන දේවල් වලට හොම්බ කට දාගෙන හිටිය…අපිට ඉස්සරහින් ළඟින්ම තිබ්බෙ විවිධ පැමිණිලි අංශය…
එතනට ආපු විවිධ පැමිණිලි එක්ක හිත කඩාගෙන වැටුනු එක කතාවක් දෙසවනේ තත්පරෙන් තත්පරය රැව් දෙන්න වුණා…
“කසාද බැඳල අවුරුදු හතයි සර්….
ලස්සන තරුණ යුවතියක් පැමිණිලි මේසය ඉදිරියේ හිටගෙන උන්නාය..මුහුන හරියාකාරව නොපෙනුනත් මම නිගමනය කලෙමි…
“මට එයා ගහනව සර්…බනිනව…බැන්නට කමක් නෑ සර්… දැනට කොසු මිටවල් කීයක් නම් කැඩෙනකම් ගැහුවද…
“කලබල නොවී හිමින් කියන්න…නිළධාරියා පවසා සිටියද යුවතිය ඉකි ගැසුවාය..
“එයාගෙ මේස් එක නැති උනත් මම ගුටි කනව සර්.. එයාට අයුතු සම්බන්ධකම් ගොඩක් තියෙනව… මට ඒව ඉවසගෙන ඉන්න පුළුවන් ඒත් ගුටි කන්න බෑ සර්…ඊයෙ මාව හපාකෑව… ඇය වැලමිට ළඟින් ඉහළ කොටස පෙන්වීය.එතැන නිල් පැහැ ගැන්වී තිබුනි…
“ඔයාට මේ පැමිණිල්ල අරගෙන ගිහින් දික් කසාද වෙන්නද ඕනි…අවසානයේ නිළදාරියා අසා සිටියේය…
“ඔව් සර්…මට ආයෙ එයා ගාවට යන්න බෑ…මට අම්ම ගාවට යන්න ඕනි..ඇය කඳුලු පිරි දෙනෙතින් පවසා සිටියාය…
ඇගේ කතාව තුල සිතන්නට දේවල් දහසක් ඉතිරි වූයේ අවසානයේ ඇගේ හැඳුනුම්පතෙහි මුල් අංක මම දුටු පසුවය.ඇය 1992 ඉපදුනු එකියකි..ඇය විවහ වී වසර 7 ක් නම් ඇය විවහ වන්නට ඇත්තෙ ඇයට අවුරුදු 18න් හෝ 19 නි..
#නොමේරූ_කොස්_පැලයක_ලොකු_කොස්_ගෙඩියක්_හැදුනොත්_මොකක්_වෙයිද..
උඹල හිතනව ආදරේ මෙහෙමයි පාරාදීසයක් වගේ ලස්සනයි දිලිසෙනව බබලනව කියල..ඒත් ගොඩක් ආදර කතා අන්තිමට කඳුලු කතා වලින් ඉවර වෙන්නෙ ඔය නිසා…
කෙල්ලගෙ පස්සට පපුවට හමේ පාටට තේරුම් ගැනීමක් නැතුව පටන් ගන්න ආසාව මත පදනම් උන බැඳීම් අන්තිමට ඉතුරු කරන්නෙ පදනම් කැඩුනු බිඳුනු මතකයක්…සමහර මතකයන් හරවන්න පුලුවන් උනත් සමහර මතකයන් ආයෙ හරවන්න බෑ…හරවන්න බැරි මතකයන් තමයි ආසාවට හැදෙන දරු උපත්..
ජීවිතේ හොඳම කාලෙ ගෙවුනට පස්සෙ තමයි අපි කරපු සමහර ගොන්කම් වල තරම තේරෙන්නෙ… ඒ දේවල් හදන්න බෑ ආයෙම…ඒ කාලකන්නි පැල්ලම් එක්ක තමයි අනාගතයටත් මූන දෙන්න වෙන්නෙ…
තීරන ගද්දි අපි කියමනට කියනව මොලයෙන් ගන්න කියල..තව කියමනක් තියෙනව #ආදරය බස් එකක් වගේ වැරදුනොත් වෙන බස් එකක නැගල යන්න පුළුවන්. විවාහය කියන්නෙ ගුවන් යානයක යනව වගේ.මගදි පනින්න තමයි වෙන්නෙ…
ඉතින් පොඩි ආසාවකට වත් හදිසි තීරන වලට වත් ජීවිතේ වැදගත්ම කියන තෝරාගැනීම් කරන්න එපා.කඩේකට ගිහින් ආස නැති කෑමක් කනව වගේ නෙවේ ජීවිත කාලයටම බලපාන තීරන කියන්නෙ…ඒව ගන්න ඕනි අවබෝධෙන්… අවදානයෙන්…
