තරු හුට පට

ඒක උසාවිය බලාගනියි

මේ දවස්වල අපි අතර දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ සේමිණීගෙයි දමිතාගෙයි අතරේ ඇවිලෙන ගින්නනේ. හැමෝම පිදුරු දදා අවුස්සන එකේ අපිත් හිතුව අද වටින් පිටින් ඒ ගැන ටිකක් හොයන්න ඕන කියලා.

ඔතන ප්‍රශ්නය වෙලා තිබුණේ “සේමිණී රට වටේම හෝටල් ගානේ යනවා. එයා යන හෝටල් ගැන හොයන්න ගියොත් මට ලංකාව වටේම ඇවිදින්න වෙයි” කියලා දමිතා ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට කියලා තියෙන කතාවක්ලු.

මේ කතාවෙන් අවුරුදු ගාණක් රැකගෙන ආපු ගෞරවයට හානියක් වුණා කියලා සේමිණී ඉද්දමල්ගොඩ රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලලා නඩුවක් දාලා තියෙනවා. හැබැයි එහෙම කිසිම දෙයක් දමිතාටනම් ලැබුණේ නෑ කියලයි දමිතා අපිට කිව්වේ.
අපි ඒ ගමන්ම සේමිණිටත් කතා කරා. “මට අපහාස කරපු එකට මම වන්දි ඉල්ලලා නඩුවක් දැම්මා. ඒක උසාවිය බලාගනියි.” සේමිණී කිව්වේ ඒ වගේ කතාවක්.

ඔය අස්සේ අපහාස කරා කියලා බොරුවට චෝදනා කර අගෞරව කරා කියලා දමිතා සේමිණීගෙන් මිලියන 1000 ක වන්දියක් ඉල්ලලා එන්තරවාසියක් දැම්මා කියලා දමිතා අපිට කිව්වා. ඒ ගැන සේමිණී කිව්වේ ” මම ඒවා දන්නෙත් නෑ. මට ඒවා වැඩකුත් නෑ. මොකද එයාට වුණත් ඒකට අයිතියක් තියෙනවා.” කියලයි.

“සාක්ෂි නැතුව මං වැඩකට අතගහන්න තරම් මං මෝඩ කෙනෙක් නෙමෙයි. මම අධ්‍යාපනයක් ලබපු කෙනෙක්. අනික මගේ මහත්තයා පොලිස් නිලධාරියෙක්. සාක්ෂි නැතුව අපි වැඩකට බහින්නේ නෑ” සේමිණී මේ නඩු කතාව ගැන කිව්වේ ඔන්න ඔහොමයි.

කාගේ කාගේත් සායං හේදෙනවා බලන් ඉන්න අයටනම් මේක ලොතරැයියක් ඇදුණා වගේ තමා. ඒත් කලාවට ආදරය කරන හැමෝම මේ දෙන්නටම එකවගේ ආදරෙයිනේ. කොහොම හරි කමක් නෑ දෙන්නා මෙච්චර කල් රැකගත් ගෞරවය වෙනුවෙන් දෙන්නාම වන්දි ඉල්ල ඉල්ල නඩු දාලා ඇවිළුණු මේ ගින්න කොතනින් නිවෙයිද කියලයි අපිත් බලන් ඉන්නේ….

6 Comments

6 Comments

  1. nilanka

    March 28, 2013 at 4:20 am

    aney mun denna nam…..munta mona vage charithada thiyenney???damitha maara baba…kata ariyoth kunuharpa goda….vamaneth yanava mey vage genu nisa…

  2. Ognjen

    March 29, 2013 at 5:47 pm

    Your articles are for when it absoultely, positively, needs to be understood overnight.

  3. samantha

    April 5, 2013 at 5:47 am

    damitha kohomath ehema thamai….paathaleyney inne…chandi damitha……paw habai…puhhh lol 🙂

  4. Rizwan Farook

    April 6, 2013 at 5:29 pm

    කොස් අටද කජු අටද තඹ සතේකට වටින්නැති බැල්ලියෝ දෙන්නෙක් මිලියන 500, 1000, අනේ මගේ කට මිලියන 500, 1000, ට බින්දු කීයක් තියෙනවද කියලවත් දන්නැති හැත්ත.

  5. damitha

    April 10, 2013 at 10:48 am

    obala dennatama adaraya karana janathawata epa nowenna jiwath wenna utthasa karanna

  6. hoooooooooooooo

    April 17, 2013 at 4:35 pm

    pasidiye redi liha ganima ketaram sundarada.

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!