තරු හුට පට

කටර් කට බොරු නෙවෙයිලු

තාමත් අවුරුදු 19 ක් වෙන බුවිනි චාපා කලා ක්ෂේත්‍රයට අලුතෙන් පායපු තරුවක් නිසා අපි අද වටින් පිටින් එයා ගැනත් හොයලා බැලුවා.

අපිට ආරංචි වුණ විදිහටනම් බුවිනි කියන්නේ ගිනි බෝම්බයක්. ඒ තරමට කේන්ති ගන්නේ ඇයි කියලා බුවිනිගෙන් ඇහුවාම මූණ හරවලා ලස්සනට හිනා වුණා මිසක් අපිට ඒකට උත්තරයක්නම් බුවිනිගෙන් ගන්න ලැබුණේ නෑ.

හැම තිස්සෙම කටර් එකක් වගේ කියවන බුවිනි හැමතිස්සෙම අම්මට උදව් කරන්න කියලා කුස්සියට ගියාට කවමදාකවත් උදව්නම් කරලා නෑලු. උදව්වට කියලා ගිහින් කොතනක හරි වාඩිවෙලා ඉඳගෙන අම්මා උයලා ඉවරවෙනකම්ම කියව කියව ඉන්න බුවිනිගෙන් අම්මාගේ වැඩවලට පාඩු වෙන එක මිසක් කිසිම උදව්වක් නෑ කියලයි අපිට තතු දත් අයනම් කිව්වේ.

ඒ ගැන අපි බුවිනිගෙන් අහපු වෙලේ ඉඳන් “අයියෝ.. කවුද අනේ මං ගැන ඔය විස්තර කිව්වේ” කියල විතරයි එයානම් ඇහුවේ. ඒක දැනගන්නකම් ඉවසිල්ලක් නැතුව කෑ ගැහුවට මොකද ඒවා බොරු කියලනම් කිව්වේ නෑ. මොකද ඉතින් ඒ කතා කරපු විදිහෙන්ම අපිට තේරුණා දැනගත්තු කිසිම දෙයක් බොරු වෙන්න විදිහක්නම් නෑ කියලා.

1 Comment

1 Comment

  1. Dangaya

    April 1, 2013 at 7:35 pm

    aneane oya wage katha kiyana oyala gena kawara kathada? 😛

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!