Gossip

එළව එළවා පහර දෙන උකුස්සෙක් නිසා පොළොන්නරුව කැළඹෙයි – Photos

මහමඟ ගමන් ගන්නා ජනතාවට පන්න පන්නා පහර දෙන විශාල උකුස්සෙකු පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය වැව් බැම්මේ පිහිටි පත්තිනි දේවාලය අවට මේ දිනවල සැරිසරණ බව මහජනතාව පවසනවා.
දැනට මාසයකට අධික කාලයක පටන් මේ පක්‍ෂියා මෙම ප‍්‍රදේශයේ සැරිසරණ බවත් පරාක‍්‍රම සමුද්‍රයේ සිටින මසුන් ආහාරයට ගැනීමට මහත් ගිජුකමක් දක්වන නිසා වැව් බැම්මේ පිහිටි ගස්වල අතුපතර අතර වාසය කරන බවද ඔවුහු පැවැසූහ.
මේ උකුස්සාගෙන් සිදුවන හිරිහැර නිසා කුඩා දරුවන්ද කැටුව එම ප‍්‍රදේශය හරහා පයින් ගමන් කිරීමට බොහෝ දෙනා බියක් දක්වන බවද ජනතාව වැඩිදුරටත් පැවසීය.
මහජනතාවට දැඩි බියක් සහ පීඩාවක් ගෙන දෙන අන්දමට සැරිසරණ මෙම උකුස්සා අල්ලා ජනශූන්‍ය ප‍්‍රදේශයකට ගෙන ගොස් මුදාහරින ලෙස වනජීවී නිලධාරීහු ඇතුළු අදාල බලධාරීන්ගෙන් ඒ ජනතාව ඉල්ලා සිටී.
පොලොන්නරුව පරාක‍්‍රම සමද්‍රය වැව් බැම්මේ පිහිටි පත්තිනි දේවාලය අවට පරිසරයේ මෙවැනි උකුස්සෙකු ගැවසෙන බවට වනජීවි කාර්යාලයට මෙතෙක් දැනගැනීමට ලැබී නැතැයි පොලොන්නරුව කලාප වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!