මිහින්තලේ පොලිස් වසමේ ඉලුප්පුකන්නිය ප්රදේශයේ කාන්තාවක් ගෙල වැළලාගෙන මියගොස් සිටින බවට මිහින්තලය පොලීසියට ලද තොරතුරක් ලැබී තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී කාන්තාව ගෙල වැළලාගෙන මියගොස් අති බවට නිරීක්ෂණය වුවද මෘත දේහය පරීක්ෂා කිරීමේදී දක්නට තිබුණේ හිසේ බරපතළ තුවාල ඇති බවයි.
එ බැවින් මරණය සැක සහිත බව පොලීසිය පැවසුවා.
ඊයේ (30) සවස් කාලයේ එම සිද්ධිය වාර්තා වී ඇති බවයි පොලීසිය පැවසුවේ.
එලෙස මියගොස් ඇත්තේ, 24 හැවිරිදි ඉලුල්ලුකන්නිය උතුර ප්රදේශයේ පිදිංචිකාරිනියක්.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
