Gossip

“එයා ගැන නරක ආරංචියක් ආවත් මට දරා ගන්න පුළුවන්..එයා ජීවිතයේ හැම දෙයක්ම විඳපු කෙනෙක්, එක ගෙදරක ජීවත් වෙන දෙන්නෙක්ටත් වඩා ළඟින් අපි ඉන්නවා.”

මම මධුමාධව අයියව දන්නේ ගොඩක් පොඩි කාලේ ඉඳන්. අවුරුදු 15 විතර වගේ ඉඳන් හැම ගැහැනු ළමයකුටම හීන කුමාරයෙක් ඉන්නවා. මගේ හීන කුමාරයා වුණේ ඔහු.
ඒත් මම ඇත්තටම එයාව දැකලා තිබුණේ එක දවසයි. 2015දී තමයි නිතර කතාබහ කරන තරමටම අපි ගොඩක් හිතවත් වුණේ.
ඊට පස්සේ මම 2016දී එයාව බලන්න ලංකාවට ආවා. හැබැයි ඒ වෙනකොට අපි ගොඩක් ළංවෙලා හිටියේ. අපි ලක්‍ෂ ගණන් අකුරුවලින්, වචනවලින් ගොඩක් ළං වුණා.

පෙම්වතා කාලේ ඔහු?
ඒ කාලෙත් දැන් වගේම තමයි. මං ගැන වැඩිපුර හොයලා බලනවා.

සැමියෙක් විධියට ඔහු?
එයා ගොඩක් හොඳයි. හරිම ආදරණීයයි. හැබැයි පොඩි දේටත් කලබල වෙනවා.

ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපාන විදිහ?
එයාගේ ජනප්‍රියත්වය නිසාම එයයි මමයි අහසයි පොළොවයි වගේ කියලා මට හිතුණේ. ඒ ජනප්‍රියත්වය නිසාම සමහර වේලාවට අපි සුන්දර විධියට අපහසුතාවට පත් වෙනවා. ඒ වගේම මොකක් හරි වැඩක් කර ගන්න ගියාමත් ඒක ලොකු උදව්වක් වෙනවා.

ගායනය, දේශපාලනය වැනි විවිධ භූමිකාවල හිරවුණ ඔහුට ඔබව මඟ හැරෙන්නේම නැද්ද?
ඇත්තටම එයා ගොඩක් කාර්යබහුල වෙන වේලාවන් තියෙනවා. නමුත් මම ඒ ගැන තේරුම් අරන් තියෙන්නේ. ඒත් ඉතින් ඒ වැඩ රාජකාරි ඉවර වුණු ගමන්ම මාව තමයි හොයන් එන්නේ. ඔහුගේ කාර්යබහුල ජීවිතය ඇත්තටම මට ප්‍රශ්නයක් නොවෙයි.

ඔහුට ජීවිතයේ මඟහැරුණු දේවල් තියෙනවද?
නැහැ. එයා ජීවිතයේ හැම දෙයක්ම විඳපු කෙනෙක්.

ඔහු වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?
ඔව්. අපේ විවාහ උත්සවය වුණත් හැමදේම වගකීමෙන් කළේ ඔහු. අපි හදන ගෙදර වැඩකටයුතු වුණත් ඔහු බොහොම වගකීමෙන් කරනවා.

සාමාන්‍ය ජීවිතයේදී මධු කොහොම කෙනෙක්ද?
බොහොම විනෝදකාමී, ආදරණීය කෙනෙක්. පවුලේ අයට අම්මට තාත්තට ආදරණීය කෙනෙක්.

ඔහු ජීවිතය ගැන සැහැල්ලුවට හිතන කෙනෙක්ද? සීරියස්ව හිතන කෙනෙක්ද?
අවස්ථානුකූලව තමයි. ප්‍රශ්න ගැන විතරක්ම හිත හිත ඉන්නේ නැහැ. ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න බලන කෙනෙක්.

ඔහු අද ඉන්න තැන ගැන සතුටු වෙනවද?
ඇත්තටම ඔව්.

දුක හිතුණම ඔහු?
ටිකක් නිහඬව ඉන්නවා.

සතුටු හිතුණම?
ඒ සතුට මුලින්ම කියන අයගෙන් කෙනෙක් තමයි මම. සතුටට කඳුළුත් එනවා.

තරහා ගියාම?
ඒක තමයි භයානකම දෙය. ටිකක් ආවේගශීලීයි. හැබැයි ඉතින් ඒ මොහොතට විතරයි.

වැඩිපුර යන්න කැමැති තැන්?
නිදහස් තැන්වලට යන්න කැමැතියි. මම ලංකාවට ආවම අනුරාධපුරය වගේ ආගමික ස්ථානවලට යනවා.
සමහර විට ඒ මම කැමැති නිසා වෙන්න ඇති. ගංගාවල පීනන්න යන්න එහෙමත් කැමැතියි.

ඔහු වැඩිපුරම ආදරේ කාටද?
මේ මොහොතේදී නම් අම්මා.

ඔහුට නැතිවම බැරි අය කවුද?
අම්මා, තාත්තා, මම, සහෝදරයන්, යාළුවන්.

මොන වගේ විලාසිතාවලටද කැමැති?
ෂෝටක්, සරමක් වගේ සැහැල්ලු ඇඳුමකට කැමැතියි.

ඔහු ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය?
මට මුණගැසුණට පස්සේ ලැබුණු හැම ආරංචියක්ම අපි දෙන්නා ගැන ආරංචියි අපි විවාහ වෙන්න යනවා කියන ආරංචිය තමයි ඉතින් සතුටුම ආරංචිය වුණේ.

ඔහු ගැන අහන්න ලැබුණු නරකම ආරංචිය?
තවම නම් එහෙම දෙයක් නැහැ.

හදිසියේ හරි එහෙම ආරංචියක් ආවොත්?
මට දරා ගන්න පුළුවන්.

මධු ගැන අපි නොදන්න රහස්?
මධුමාධව රහස් තියා ගන්න කෙනෙක් නෙමෙයි. හැම දෙයක්ම කියලා තියෙන්නේ.

ඔහු වැඩිපුරම සතුටු වුණ දවස?
අවස්ථා දෙකක් තියෙනවා. ගෝඨාභය මහත්තයාගේ නඩුවෙන් දිනපු දවස සහ ගෝඨාභය මහත්තයා ඡන්දෙන් දිනපු දවස.

ජීවිතයේ ජය ගත්ත දේවල්?
ගායන ජීවිතය, දේශපාලන ජීවිතය. සහ සාමාන්‍ය ජීවිතය වගේ ගොඩක් දේවල් එයා ජයගත්තා.

ජීවිතයේ ප්‍රධාන තැනක් දෙන දේවල්?
ගෙදර දේවල්වලට, අම්මා, තාත්තා, මම හැරුණුකොට ගොඩක් කල් ඉඳන් ආශ්‍රය කරන යාඵවන්ට. ඒ වගේම දේශපාලනයටත් ප්‍රධාන තැනක් දෙනවා.

විනෝදාංශ
හැම මොහොතෙම විනෝදයෙන් ඉන්න, සින්දු අහන්න, නාට්‍ය බලන්න කැමැතියි.

ඔහුගේ ගීත අතරින් කැමැතිම ගීතය?
ලඹ සවන් රන් පතින්.

ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
අපේ බෞද්ධ ආගම ගැන කියන නිසා.

ඈතින් ඉන්නකොට දුරයි කියලා හිතෙන්නේ නැද්ද?
කවදාවත් දැනිලා නෑ. එක ගෙදරක ජීවත් වෙන දෙන්නෙක්ටත් වඩා ළඟින් අපි ඉන්නවා. අපි නැඟිටින්නෙත් එකට. මම නැගිට්ට ගමන් හොයන්නේ ෆෝන් එක. අපි දවසම කාර්ය බහුල වුණත් හවසට කතා කරලා හරි දවස පුරාම වෙච්ච දේවල් කියවනවා. මම විදේශගතව හිටියත් අපි දුරයි කියලා දැනිලා නැහැ.

ලක්‍ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
මව්බිම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!