Gossip

ආසියානු විවාහක රූ රැජින කිරුළත් ශ්‍රී ලංකාවට – Photos

2019 ආසියානු විවාහක රූ රැජින කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ සමන්තිකා කුමාරසිංහ සමත්ව තිබෙනවා.
මෙම තරගය රටවල් 21ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් මියන්මාරයේ පැවැත්වුණා.
Mrs. Classic, Mrs. Friendship, Mrs. Charity queen, Mrs. Asia International World piece යන අංශ යටතේ මෙහි තරග පැවැත්වුණු අතර Mrs. Asia International World piece අංශයේ ජයග්‍රහණය ද ශ්‍රී ලංකාව නියෝජනය කළ සමන්තිකා කුමාරසිංහ හිමිකර ගැනීම විශේෂත්වයක්.
තරගය අතරතුර “නාරිලතා රූපය” අනුව සැරසී කළ ඉදිරිපත් කිරීම අනුව Best National Costume අංශයේ ජයග්‍රහණය ද හිමිකරගත්තේ සමන්තිකා කුමාරසිංහයි.
2019 ආසියානු විවාහක රූ රැජින කිරුළ දිනූ සමන්තිකා කුමාරසිංහ වේයන්ගොඩ පදිංචි 38 හැවිරිදි එක්දරු මවක්.
කිරුළ හිමිකරගත් සමන්තිකා කුමාරසිංහ අද පෙරවරු 11ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් මව්බිමට පැමිණීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!