පානදුර නාරන්පිටියාව නිවසක සුරතලයට ඇති කළ හය මසක් වියැති සුනඛයකුට බඬේ රුදාවක් ඇති බව පවසමින් පශු වෛද්‍යවරියක වෙත ගෙන ගොස් ප‍්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී වෛද්‍යවරිය සුනඛයාට උණ රෝගය වැළඳී ඇති බව පවසා එන්නතක් දීමෙන් සුනඛයා මියගිය බව පවසමින් සුනඛයාගේ හිමිකරු විසින් පානදුර පිංවත්ත පොලිසියේ පැමිණිල්ලක් කොට ඇත.
පිංවත්ත පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දසනායක මහතාගෙන් විමසීමේදී හෙතෙම සඳහන් කළේ පැමිණිලිකරු සහ විත්තිකාර වෛද්‍යවරිය ගෙන්වා පැමිණිල්ල විභාග කළ බවය.
සත්ත්ව හිංසාව යටතේ සුනඛයාගේ හිමිකරු වෛද්‍යවරියට එරෙහිව පරීක්ෂණයක් කරන ලෙස පොලිසියේ පැමිණිලි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරියගෙන් විමසීමක් කළ අවස්ථාවේ ඇය පැවසූවේ සුනඛයාගේ හිමිකරු පොලිසියේ බොරු පැමිණිල්ලක් සිදු කොට ඇති බවය. කළුතර දිස්ති‍්‍රක් පශූ වෛද්‍ය කාර්යාලයේ උසස් වෛද්‍ය නිලධාරියකුගෙන් විමසීමේදී හෙතෙම සඳහන් කළේ සුනඛයා මියගොස් ඇත්තේ පාර්වෝ නම් වෛරසයකින් ඇති වන රෝගී තත්ත්වයක් නිසා බවය.
එන්නත විදීමෙන් සුනඛයා මිය නොගිය බවත් මෙම රෝගය වැළඳුණු සතුන් ජීවත් කිරීම අපහසු බවත් හෙතෙම පැවසීය.
අදාළ වෛද්‍යවරිය දක්ෂ කැප වී සේවය කරන වෛද්‍යවරියක් බවත් රජයේ නිලධාරීන් අපහසුතාවට පත් කිරීම සම්බන්ධව කි‍්‍රයාමාර්ග ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.