එක්සත් ජාතික පක්ෂය පසුගියදා කොළඹ පුරහල ප්‍රදේශයේ පැවත්වූ විරෝධතා රැළියට එක්ව සිටි එජාප විරෝධී මත දරණ කණ්ඩායම්ද සහභාගි වී තිබෙනවා.
ඒ අනූව ආණ්ඩු විරෝධි ෆේස්බුක් පිටුවක ඇඩ්මින්වරයා බව කියන නුවන් නිරෝධ අල්විස් ද එම විරෝධතාවට පැමිණ සෙල්ෆි ඡායාරූපයක් ගෙන මෙලෙස සමාජ ජාල වෙබ් අඩවි වෙත මුදා හැර තිබෙනවා.
මෙම සෙල්ෆි ඡායාරූපය ගෙන වේදිකාවෙන් ඔහු බිමට බසිනවාත් සමග එහි පැමිණි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඔහුව දැක බෙල්ලෙන් අල්ලාගත් ආකාරය පහත ඡායාරූපයෙන් දැක්වෙනවා.
එම අවස්ථාවේ හරීන් ප්‍රනාන්දු කියා ඇත්තේ “උඹලගේ දේශපාලනය වෙනස් අපේ දේශපාලනය වෙනස්. සතුටුයි මඩ ගහන්න හරි උඹ බලන්න ආපු එක ගැන” යනුවෙනුයි.
කෙසේ නමුත් මේ දෙන්නා පැරණි මිතුරන් බවයි අනාවරණය වී ඇත්තේ.
ඒ අනූව ඔවුන් දේශපාලන බේද පසෙක දමා එහිදී සෙල්ෆි ඡායාරූපයක් ගෙන තියෙනවා.
එම සෙල්ෆි ඡායාරූපය ඉහතින් දැක්වෙන අතර අදාළ ආණ්ඩු විරෝධි ෆේස්බුක් පිටුවේ ඇඩ්මින්වරයා හරින් සමග ගත් ඡායා රූපයේදී ඇඟිල්ලෙන් හරිය පෙන්නා ඇතත් එම ඇඟිල්ල නවාගෙන සිටින බවක් පෙනෙන්නට තියෙනවා.
