එංගලන්තයේ සිට පැමිණි ශිෂ්‍යයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපලේදී කලහකාරි ලෙස හැසිරී ඇතැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ පැතිරෙන තොරතුරු මුළුමණින්ම සාවද්‍ය බව එංගලන්තයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ උපදේශක උපුල් ලියනගේ මහතා ඊයේ ( 05 ) වැනිදා පැවසීය.
එම ශිෂ්‍යයන් පිරිස ඉතා විනයගරුකව රජයට සහ ආරක්ෂක අංශවලට අවශ්‍ය සියලූ සහාය එහිදී ලබා දී ඇතැයි සඳහන් කළ ලියනගේ මහතා ඒ බව එහි සිටින පිරිස් පවා තහවුරු කරන බව කීවේය.
එම ගුවන් යානයෙන් එංගලන්තයේ සිට පැමිණි වෙනත් කිහිප දෙනෙකු යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති කළ බවට තොරතුරු වාර්තා වන නමුත් ඒ පිළිබඳ නිසි තොරතුරු තමන් සතුව නොමැති බැවින් ඔවුන් කවුරුන් ද යන්න ස්ථිරව කීමේ හැකියාවක් නැතැයිද කියා සිටියේ ය.
මෙම ළමුන් පිරිස ලංකාවට පැමිණියේ ඔවුන්ගේ සහ ඔවුන්ගේ දෙමව්පියන්ගේ කැමැත්ත අනුව බවත් සඳහන් කළ උපුල් ලියනගේ මහතා එම පිරිස බලහත්කාරයෙන් මෙරටට එවා ඇති බවට පළ වන වාර්තා ද අසත්‍ය බව කීවේය.
මෙම ළමුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා,විදේශ කටයුතු ඇමතිවරයා, බි්රතාන්ය මහ කොමසාරිස් තුමිය,ඇතුළු සෑම සියලූ දෙනාටද ළමුන් සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව දක්වා ඇති සහ දක්වමින් සිටින සැලකිල්ල පිළිබඳ ව එම ආරක්ෂක අංශ සාමාජිකයන්ට ද ගෞරවනීය ස්තුතිය පුද කරන බවත් උපුල් ලියනගේ මහතා වැඩිදුරටත් පැවසීය.
සිරිමන්ත රත්නසේකර
