Gossip

එංගලන්තයේ කොරෝනා මරණ ලැයිස්තුවට තවත් මරණ දසදහසක් එකතු වෙයි.

ඉකුත් මැයි මස අගදී එංගලන්තයෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව තවත් මරණ 10,000 කට ආසන්න සංඛ්‍යාවකින් වැඩි විය යුතු බව එරට ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලය විසින් පළ කර ඇති අලුත්ම දත්ත වාර්තාව පෙන්වා දෙන බව එංගලන්තෙයේ පළ වන “ඊව්නින් ස්ට්‍රෑන්ඩඩ් “පුවත්පත පවසයි. අදාළ දත්ත වාර්තාවට අනුව එංගලන්තයෙන් මැයි මස් අගදී වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත හා කොරෝනා ආසාදිත මරණ බවට සැක කෙරෙන මරණ සංඛ්‍යාව 51,089 ක් විය යුතුය.

අලුත් දත්ත වාර්තාවට අනුව මැයි මස 29 වැනිදා වන විට එංගලන්තයෙන් වාර්තා වී තිබු මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 44,110ක් වන අතර එය මීට පෙර එංගලන්තයේ සෞඛ්‍ය හා සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ඉදිරපත් කර තිබු කොරෝනා මරණ සංඛ්‍යාවට වඩා මරණ  9474 ක වැඩි වීමකි ,මෙයට පෙර වාර්තා වුවාට වඩා මැයි මස අගදී සාත්තු නිවාසවල කොරෝනා මරණ 13,460ක්ද ,පුද්ගලින නිවාසවල එම මරණ 2070ක්ද ,රෝහල්වල මරණ 612 ක්ද ,අනෙකුත් පොදු ස්ථානවල මරණ 204ක් හා සෙසු ස්ථානවල මරණ 175ක් වශයෙන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව එම පුවත්පත පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!