මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉලක්ක කරගන පවත්වන දේශන,සම්මන්ත්රණ හා උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තුමේන්තුව පවසනවා.
අගෝස්තු 5 වෙනිදා සිට පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා සියළුම කටයුතු මේ වෙනකොට සූදානම් බව විභාග දෙපාර්තුමේන්තුව පවසනවා. විභාගය සඳහා අයදුම්කරුවන් 337,704 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පැවැත්වෙන සියළු උපකාරක පන්ති හා දේශණ ද හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බවට වාර්තා වෙනවා.