Gossip

“උඹ­ලට අපි ඉල්ලු­වම තමයි සල්ලි දෙන්න බැරි. රෝහ­ණගේ එවුන්ට ඕන­ත­රම් දෙන්න පුළු­වන්.” – පොලි­සි­ය­ටත් කොකා ගැස්සූ ගොනා­කෝ­විලේ රොහාගේ පැටි­කි­රිය – Photos

පසු­ගිය මැයි 29 වැනිදා මධ්‍යම රාත්‍රියේ මොර­ටුව, ලක්මැ­දුර හෝට­ල­යට වෙඩි වරු­ෂා­වක් එල්ල වන ආකා­රය මුළු රටම දුටු­වේය. එකී වෙඩි වරු­ෂාව එල්ල කළේ රත්ම­ලාන ප්‍රදේ­ශයේ පාතාල බලය වපු­රන රත්ම­ලානේ අංජු හෙවත් කුඩු අංජුගේ පාර්ශ්ව­යෙනි. ප්‍රංශයේ සිටින බවට සැල­වන අමල් සිංහාර ද සිල්වා හෙවත් අංජු එරට සිට මෙරට ගෝල­යන් මෙහෙ­ය­ව­මින් සිටී. එසේම ඔහුගේ ප්‍රධාන ගෝලයා වන ධර්ම­සිරි නමැ­ත්තාද ඩුබා­යිහි වෙසෙන බවකි. හෝට­ල­යට ප්‍රහා­රය එල්ල කිරී­මට පෙර ඩුබායි සිට හෝටල් හිමි­කරු ලසන්ත ඇමැතූ ධර්ම­සිරි කීවේ, “උඹ­ලට අපි ඉල්ලු­වම තමයි සල්ලි දෙන්න බැරි… රෝහ­ණගේ එවුන්ට ඕන­ත­රම් දෙන්න පුළු­වන්… අපි මේ සිය­ලුම කප්පම් ගැනීම්… කුඩු බිස්නස් නතර කර­නවා… රොහා ඉව­ර­යක් කර­පු­දාට…”

එකී රෝහණ හෙවත් ගොනා­කෝ­විලේ රොහා නමින් ප්‍රක­ටව සිටි දෙව්මිණි රෝහණ හැරල් ද සිල්වා නමැති ප්‍රබල පාතාල නාය­කයා පසු­ගිය වසර කීපය තුළ රත්ම­ලාන, මොර­ටුව, ගල්කිස්ස ප්‍රදේශ හොල්ලා­ගෙන සිටි මත් ජාවා­රම්, කප්පම් ගැනීම් ඇතුළු මිනී­මැ­රුම් රැස­ක­ටම වග­කි­ව­යුතු ප්‍රධා­න­තම අප­රා­ධ­කා­ර­යෙකි.

පසු­ගි­යදා බස්නා­හිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් හෙළි කළ සක්‍රීය පාතාල කල්ලි විස්සෙන් එක් කණ්ඩා­ය­මක් මෙහෙය වූයේ ද මෙකී ගොනා­කෝ­විලේ රොහායි. පසු­ගිය කාල­යේම රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ග­තව සිටි රොහාට ඇප නියම වුවත් ඔහු කලක් යන තෙක්ම බන්ධ­නා­ගා­රයේ ගත කිරී­මෙන් පසු ඉකුත් ජන­වාරි මාසයේ ඇප මත නිද­හස් විණි. එලෙස නිද­හස්වූ රොහා පසුව සැඟ­වුණු දිවි­යක් ගත කළේය. අඩුම තරමේ ඔහු තමාගේ විශ්වා­ස­වන්ත සග­ය­කුට වුව දුර­ක­ථන ඇමැ­තු­මක් ගෙන තිබුණේ තමන් විසූ ප්‍රදේ­ශ­යෙන් වෙනත් ප්‍රදේ­ශ­ය­කට ගොස් බව පොලිස් බුද්ධි අංශද අනා­ව­ර­ණය කර­ගෙන තිබු­ණේය. එත­ර­ම­ටම රොහා ආර­ක්ෂාව ගැන සිත­මින් සැඟ­වුණු දිවි­යක් ගත කළේ ආර­ක්ෂක අංශ­ව­ලට බියට වඩා ඔහුගේ විරුද්ධ පාර්ශ්ව­ක­රු­ව­න්ගෙන් බේරීම සඳ­හායි.

ඉකුත් සමයේ පොළො­න්න­රුව ප්‍රදේ­ශයේ යුද හමුදා කඳ­වු­ර­කින් පාතා­ල­යට පැන්නු ගිනි­අවි තොග­යෙන් ගිනිඅවි 24ක් කොස්ගොඩ තාරකා මඟින් රොහාගේ පාර්ශ්ව­ය­ටද ලැබී තිබූ බව­ටද සැල විණි. එලෙස අවි­ආ­යුධ රැස් කර­මින් අංජුගේ පාර්ශ්වය සම­ඟද මහා පරි­මාණ ගැටු­ම­කට අර­අ­ඳි­මින් සිටි රොහා ඇතුළු පාතාල සාමා­ජි­ක­යන්ට වැඩ වැර­දුණේ වත්මන් රජය ගෙන­යන පාතාල මර්දන ඍජු වැඩ­පි­ළි­වෙළ නිසායි.

ඊට බියෙන් මෙරට සිටින පාතාල සාමා­ජි­ක­යන් යන-එනමං නැතිව හිස්ලූලු අත දිව­යන බවක් පසු­ගිය දින කීප­යේ­දීම වාර්තා විණි. එහිදී රොහාද ආගිය අතක් නොමැ­තිව සැඟ­වුණු දිවි­යක් ගත­ක­ර­මින් කෙසේ හෝ මෙර­ටින් ඉන්දි­යා­වට පලා යෑමට තැත් කර­මින් සිටි බවට පොලි­සි­යට තොර­තුරු ලැබී තිබිණි.

මීට මාස දෙක­කට පමණ පෙරදී පොලි­සිය අනා­ව­ර­ණය කර­ගෙන තිබුණේ රොහා නුව­ර­එ­ළිය ප්‍රදේ­ශයේ සැරි­ස­රන බවයි. වරෙ­න්තු­ක­රු­වකු වූ රොහාව කොටු­කර ගැනී­මට පොලි­සිය යාමේදී ඔහුට ලැබුණු තොර­තු­රක් මත එම ප්‍රදේ­ශ­යෙන් පලා ගොස් තිබු­ණේය. එසේම මීට සති දෙක­කට පමණ පෙරදී ද රොහා කටු­නා­යක ගුවන් තොටු­පොළ හරහා රට­කට පැනී­මට උත්සාහ කර තිබුණේ ව්‍යාජ නමක් භාවිත කර­මිනි. එම උත්සා­හ­යේදී නමෙහි ගැට­ලු­වක් වූ හෙයින් රොහා ගුවන් තොටු­පොළ බල­ධා­රි­න්ටද කොකා පෙන්නා පැන ගොස් තිබූ බව පොලිස් බුද්ධි අංශවලට සැලවී තිබිණි.

අන­තු­රුව ඔහු මීග­මුව කොච්චි­කඩේ ප්‍රදේ­ශ­යෙන් ටෝලර් යාත්‍ර­ව­කින් ඉන්දි­යා­වට පලා යෑමට තැත් කරන බවට බස්නා­හිර උතුර දිසා අප­රාධ කොට්ඨා­ස­යට තොර­තු­රක් ලැබිණි. ඒ මීට දින කීප­ය­කට පෙර­දියි.

එම කොට්ඨා­සයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නිවු­න්හැල්ල විසින් එම කොට්ඨා­සය බාර පසු­ගිය දින­වල පාතාල සාමා­ජි­ක­යන් රැසක්ම අත්අ­ඩං­ගු­වට ගැනී­මට මෙහෙ­යවූ නියෝජ්‍ය පොලි­ස්පති ප්‍රසාද් රණ­සිංහ මහතා දැනු­වත් කෙරිණි. නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාගේ උප­දෙස් මත නිවු­න්හැල්ල ප්‍රමුඛ කණ්ඩා­යම පසු­ගිය 24 දා අලු­යම තුනට පමණ කොච්චි­කඩේ, කම්ම­ල්තොට වෙරළේ ධීවර කට­යුතු සඳහා යොදා­ගන්නා ලෑලි නිවෙ­සක සැඟවී සිට ඉන්දි­යා­වට පලා යෑමට මාන බල­මින් සිටි රොහාව කොටු­කර ගැනිණි.

පසුව ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනී­මට යාමේදී ටී56 ගිනි­අ­වි­යක්ද සත්ත­කයේ තබා­ගෙන පොලි­සි­යට වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කෙරිණි. එහිදී පොලි­සිය පව­සන පරිදි, පොලි­සිය සහ රොහා අතර වූ වෙඩි හුව­මා­රු­වෙන් බර­ප­තළ තුවාල ලත් රොහා මීග­මුව රෝහ­ලට ඇතු­ළත් කරන විටද මිය­ගොස් සිටි බවයි. ඔහු සතුව ටී 56 ගිනි­අ­වි­යට අම­ත­රව රිවො­ල්ව­ර­යක් සහ ඉන්දිය රුපි­යල් ලක්ෂ 3 කට ආසන්න මුද­ලක් මෙන්ම මෙරට රුපි­යල් එක්ලක්ෂ පන­ස්ද­හ­සක මුද­ලක්ද දුර­ක­ථන පහක් සහ සිම්කා­ඩ්පත් 25ක්ද විය. තවද ඇඳුම් කීප­යක්ද තිබී ඇත.

වයස අවු­රුදු 41ක් පමණ වූ රොහා අඟු­ලාන, පොදු­ජය මාවතේ පදිං­චිව සිටි­යේය. මොර­ටුව, කල්දෙ­මුල්ලෙ කාන්තා­වක හා විවාහ වී සිටි ඔහු මෑත කාලීන අප­රා­ධ­කා­ර­යන් අතර සිටි දරු­ණුම ගණයේ අප­රාධ කල්ලි නාය­ක­යෙක් ලෙස සැලැකේ. සාමා­න්‍ය­යෙන් අප­රාධ කල්ලි නාය­ක­යන් සිය ගෝල­යන් මෙහෙ­යවා අප­රාධ සිදු­ක­ළත් රොහා තමන් විසින්ම බොහෝ අප­රාධ සිදු­කළ අයෙකි. එසේම මොහු ඕනෑම මොහො­ත­කදී තමන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට එන පොලිස් නිල­ධා­රි­න්ටද වෙඩි ප්‍රහාර එල්ල කිරී­මට සැදි­පැ­හැදි සිටි ම්ලේච්ඡ පුද්ග­ල­යෙකි.

මෑත කාලයේ තවත් ප්‍රබල අප­රා­ධ­කා­ර­යෙක් වන දැනට බූස්ස බන්ධ­නා­ගා­රයේ සිටින ගණේ­මුල්ල සංජීව හෙවත් මාකි­ලං­ග­මුව සංජිව සමඟ සමීප සබ­ඳතා පැවැත්වූ රොහා අප­රාධ ලෝක­යට පිවි­සීමේ කතා­න්දර පෙළ ගැසෙන්නෙ මෙලෙ­සිනි.

ගල්කිස්ස ප්‍රසිද්ධ පාස­ල­කින් උගත් රොහාගේ එකම පන්තියේ සිටි ගජ­මි­තුරා වූයේ අසංක සිංහාර හෙවත් ලන්සි­යායි. ලන්සි­යාගේ බාප්පලා රත්ම­ලාන හොල්ලා­ගෙන සිටි චණ්ඩින්ය. ඔහුගේ ලොකු බාප්පා වූ රත්ම­ලාන, ගල්කිස්ස ප්‍රදේ­ශ­වල බලය පතු­රු­වා­ගෙන සිටි රාජා 89 භීෂණ සමයේ ගොදු­රක් විණි. ලන්සි­යාගේ තවත් බාප්පා කෙනෙකු වූ රංජිගේ දිය­ණි­යක් සමඟ රොහාගේ යහ­ළු­වෙක් ප්‍රේම සබ­ඳ­තා­වක් අරඹා තිබු­ණේය. එය කන වැකුණු ලන්සි­යාගේ රංජි බාප්පා රොහාට සහ ඔහුගේ යහ­ළු­වාට හොඳට සැලැ­කුවේ ගුටි ප්‍රහා­ර­යක් දෙමිනි.

ඒත් සමඟ රොහා සහ ලන්සියා අතර මිතු­ද­ම­ටද ‘තිත’ තැබිණි. පවුලේ වැඩි­මලා වූ හෙයින් පවුල් බර ද කරට ගත් රොහා රැකියා කීප­යම නිරත වීමෙන් පසු මොර­ටුවේ අව­න්හ­ලක රැකි­යා­වට ගියේ වේට­ර්ව­ර­යකු ලෙසිනි. එම අව­න්හ­ලට පැමි­ණියේ එස­මයේ ප්‍රබල අප­රා­ධ­කා­ර­යෙක්ව සිටි මොර­ටු සමන්ය. එමඟින් රොහාට මොරටු සමන්ගේ ඇසු­රට අවා­ස්ථාව සැලැ­සිණි. මොරටු සමන්ගේ ඇසුර හරහා රොහාද ‘පොර’ක් වීමට තැත් කළේ අප­රාධ සහ මත් ජාවා­ර­මට එක් වෙමිනි. ඔහුගේ නැඟී සිටීම අභි­යෝ­ග­යක් ලෙස සැලකූ ලන්සි­යාගේ බාප්පා කෙනෙකු රොහාව පොලි­සි­යට කොටු­කර දුන්නෙ බෝම්බ සිද්ධි­යක් මුල්ක­ර­ගෙ­නයි. ඒ හරහා බන්ධ­නා­ගා­ර­ගත වන රොහාට අප­රාධ ලෝකයේ බොහෝ පුද්ග­ල­යන් හඳුනා ගැනී­මට හැකි විණි. පොලිස් විශේෂ කාර්ය බළ­කායේ සිටි බයි­සි­කල් බේබිද ඒ අතර විය.

එලෙස ව්‍යාජ සිද්ධි­යක් මුල් කර­ගෙන රොහා පොලි­සි­යට කොටු­කර දීමේ සැලැ­සුම සක­ස්කර තිබුණේ ලන්සි­යාගේ බාප්පා කෙනෙකු වූ එව­කට දෙහි­වල ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රී­ව­ර­යෙක් වූ කා අත­රත් පොඩි මහ­ත්තයා ලෙස ප්‍රක­ටව සිටි පුද්ග­ල­යායි.

බන්ධ­නා­ගා­ර­යෙන් අප­රාධ ලෝක­යට ‘උපා­ධිය’ ලබා එළි­යට එන රොහා තමා ව්‍යාජ ලෙස සිර­ගත කළ නාග­රික මන්ත්‍රී පොඩි මහ­ත්තයා ඝාත­නය කෙරිණි. ඒ 2007 වස­රේදීය. එය ඔහුගේ පළමු බිල්ල විය. එසේම බයි­සි­කල් බේබි යොදවා රොහාට සහ ඔහු‍ගේ යහ­ළු­වාට පහර දුන් ලන්සි­යාගේ රංජි බාප්පාද පාණ­දු­රේදී ඝාත­නය කෙරිණි. මේ අතරේ මොරටු සමන්ද වෙඩි ප්‍රහා­ර­ය­කින් පර­ලොව ගියේය. ඉන් පසුව සමන්ගේ ජාවා­රම් සියල්ල කර­ට­ගෙන නැඟි සිටි රොහා කොල්ල­කෑම්, කප්පම් ගැනීම්, මත් ජාවා­රම්, මිනීමැරුම් යහ­මින් සිදු­ක­ර­මින් ගෝල­යන් පිරි­සක්ද එක්ක­ර­ග­නි­මින් ප්‍රබල අප­රා­ධ­ක­රු­වකු ලෙස සමා­ජ­යට පිළි­ල­යක් වෙමින් ඉදි­රි­යට ආවේය.

සිදු­ක­රන ලද අප­රා­ධ­ව­ලට නැව­තත් පොලි­සි­යට කොටු­වන රොහා 2008 වස­රේදී නැව­තත් රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ගත කෙරිණි. මේ අතර සිය බාප්පලා දෙදෙ­න­කු­ටම මරු කැඳවූ රොහා­ගෙන් පළි­ගැ­නී­මට ලන්සි­යාද පෙරට එමින් සිටි­යේය. මත් ජාවා­ර­ම­ටද එක්ව සිටි ලන්සියා රත්ම­ලානේ ප්‍රබල අප­රා­ධ­කා­ර­යකු ලෙස ඉදි­රි­යට ආවේය. රත්ම­ලාන, ගල්කිස්ස, ප්‍රදේ­ශයේ මත් ජාවා­රම් ගැටුම් හරහා ලන්සියා සහ රොහා අතර ගැටුම් තවත් උග්‍ර විණි.

එම ප්‍රදේ­ශ­වල පොලි­සි­වල ලොකු ලොක්කන් සම­ඟද සබ­ඳතා තිබූ ලන්සියා නැව­තත් රොහා පොලි­සි­යට කොටු­කර දුන්නේය. 2010 වර්ෂය පමණ වන විට රොහා – ලන්සියා දෙපා­ර්ශ්වයේ සග­යන්ගේ ගැටුම් තීව්‍ර ලෙස ඉහළ ගොස් තිබිණි. අන­තු­රුව එම ප්‍රදේ­ශයේ එව­කට රජයේ ඇමැ­ති­ව­ර­ය­කුගේ මැදි­හ­ත්වී­මෙන් දෙපා­ර්ශ්වය සාම­දා­නද කෙරිණි. ඊට දෙපා­ර්ශ්වයේ වැඩි­හි­ටි­යන්ද මැදි­හත් විණි.

එහෙත් දෙදෙනා අතර නැව­තත් විර­ස­කය ඇති කිරී­මට දෙපා­ර්ශ්වයේ ඇතැම් දෙනා මාන බල­මින් සිටි­යේය. ඒ දෙදෙනා අතර කේළාම් පතු­රු­ව­මිනි.

එහෙත් වසර දෙක තුනක පමණ කාල­යක් දෙපා­ර්ශ්වයේ ගැටුම් නොපැ­වැ­ති­යත් නැව­තත් රොහාගේ සහ ලන්සි­යාගේ ඥාති­යෙක් අතර ගැටු­මක් ඇති වූයේය. ඒ ත්‍රිරෝද රථ­යක් හා මෝටර් රථ­යක් මාර්ගයේ හරස් වීමෙනි.

ඒ වන විට ප්‍රබ­ලව සිටි ලන්සියා ඊට ප්‍රති­චාර දැක්වූයේ ගිනි­අවි අතැ­තිව පිරි­සක් සමඟ රොහා නොමැති අව­ස්ථා­වක ඔහුගේ නිවෙ­සට ගොස් බැණ තර්ජ­නය කර­මිනි. පසුව ලන්සියා සැලැ­සුම් කර තිබුණේ රොහාව ‘ඉව­ර­යක්’ කිරී­ම­ටයි. එහෙත් 2016 වසරේ ජුනි 23 වැනිදා රොහා ඉස්සර වූයේය.

ලන්සියා මත්කුඩු නඩු­ව­කට බිරිය සහ දිය­ණිය සමඟ මහර අධි­ක­ර­ණ­යට ගොස් සුදු පැහැති හයි­බ්‍රිඩ් රථ­යට ගොඩ­වෙ­ද්දීම රොහා, බයි­සි­කල් බේබි සහ එයා‍ෙෆා්ස් සම්පත් සමඟ මෝටර් රථ­ය­කින් පැමිණ වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කළේ ලන්සි­යාගේ ජීවි­තය එතැ­නම ඉවර කර­මිනි.

ලන්සියා ඝාත­න­යෙන් පසු රොහා සැඟ­වුණු දිවි­යක් ගත කළේය. ලන්සි­යාගේ මරණ කට­යුතු සිදු කෙරුණේ ගල්කිස්ස සුසාන භූමි­යේදී හෙලි­කො­ප්ට­ර­ය­කින් මල් වරු­ෂාද පතිත කර­මිනි. ලන්සි­යාගේ සහෝ­ද­ර­යෙක් වන රත්ම­ලාන අංජු හෙවත් වත්මනෙහි කුඩු අංජු ලෙස ප්‍රක­ටව සිටින අමල් සිංහාර ඒ වන විට කිසිදු අප­රාධ ක්‍රියා­ව­කට සම්බන්ධ නොවූ අයෙකි. සිය සහෝ­ද­ර­යාගේ මර­ණ­යෙන් පසු රෝහාට බියෙන් අංජු පලා යන්නෙ මැලේ­සි­යා­ව­ටය. එහි සිට ඔහු සහෝ­ද­ර­යාගේ ගෝල­යන්ද එක­තු­කොට අප­රාධ ලෝක­යට පිවි­සියේ රොහා ඉව­ර­යක් කිරීමේ අටි­යෙනි. එසේම ලන්සියා ඝාත­නය කොට දින කීප­යක් ඇතු­ළ­තදී රොහා­ගෙන් පළි­ගැ­නීමේ චේත­නාව ඇතිව අංජුගේ මෙහෙයවීමෙන් රොහාගේ පුංචි අම්මාගේ පුත්‍රයා වූ ප්‍රභාත් නමැත්තා ඝාත­නය කළේ පිළි­ය­න්දල, බෝකු­න්ද­ර­දියි. එසේම අංජු, රොහා ඝාත­නය කරන පුද්ග­ල­යකු කෝටි 2ක මුද­ලක් දෙන බව කී අතර පසුව එය කෝටි 4 දක්වා ඉහළ නැංවූයේ සමාජ මාධ්‍ය­ය­න්හිද ‘පොස්ට්’ පළ කර­මිනි.

මේ අතරේ 2016 නොවැ­ම්බර් 15 වැනිදා රොහා සහ බයි­සි­කල් බේබි මෝටර් රථ­ය­කින් යන්නෙ කුරු­ණෑ­ග­ල­ටයි. එම රථය ගෙන තිබුණේ මොර­ටුවේ කුලී රථ ආය­ත­න­ය­කිනි. වංචා­ව­කට තුඩු දුන් එම රථ­යෙහි ජීපී­එස් මඟින් කුරු­ණෑ­ගල රථය තිබෙන බව හඳුනා ගැනිණි. කුලී රථ ආය­ත­නය 119 හරහා දැන්වී­මත් සමඟ කුරු­ණෑ­ගල පොලි­සියේ රාජ­කාරි කළ 58 හැවි­රිදි උප­පො­ලිස් පරී­ක්ෂක රත්න දස­නා­යක සහ කොස්තාපල් උද­ය­කාන්ත බණ්ඩාර රොහා නත­රව සිටි හෝට­ල­යට ගොස් රථය පරීක්ෂා කිරී­මට සැරැ­සෙ­ද්දීම ඒ බව කිසිත් නොදත් රොහා ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනී­මට පැමිණියේයැයි සිතා පොලිස් නිල­ධා­රින් දෙදෙ­නාට වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කෙරිණි. ඉන් රත්න දස­නා­යක එතැ­නම මරු­මු­වට පත්විණි. කොස්තාපල් බර­ප­තළ තුවාල ලැබීය.

එසැ­ණින් ක්‍රියා­ත්මක වූ පොලිස් නිල­ධා­රින් බස් රථ­ය­කට නැඟි පලා යෑමට තැත් කළ රොහා අත්අ­ඩං­ගු­වට ගැනිණි. ඔහුගේ සගයා බයි­සි­කල් බේබි හම්බ­න්තොට මීග­හ­ජ­දුර ප්‍රදේ­ශයේ හේනක සැඟවී සිටි­යදී 2017 අප්‍රේල් 27 වැනිදා පොලිස් වෙඩි පහ­ර­කින් මර­ණ­යට පත් විය.

මේ අතරේ රොහා ඝාත­න­යට කුඩු අංජු නොයෙක් ආකා­රයේ ‘ප්ලෑන්’ හද­මින් සිටි­යේය. එවැනි ප්ලෑනක් අනුව 2017 මාර්තු මස 01 වැනිදා වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ සිට මත්කුඩු නඩු­ව­කට රොහා රැගෙන ආවේ ගල්කිස්ස අධි­ක­ර­ණ­ය­ටයි. එදින ගිනි­අ­වි­යක්ද සහි­තව අධි­ක­රණ භූමි­යට කුඩු අංජු විසින් මයියා නමැති සගයා යැව්වත් එදින ඔහුගේ අතින් බන්ධ­නා­ගාර බංකු­වක් යටට සිය ගිනි­අ­විය සහිත පාර්ස­ලය වැටී­මෙන් රොහාට තව­දු­ර­ටත් ජීව­ත්වීමේ වාස­නාව ලැබිණි.

එසේම අංජු විසින් 2019 අප්‍රේල් 08 වැනිදා රොහා ඝාත­න­යට තැත් කළේ දූෂිත බන්ධ­නා­ගාර නිල­ධා­රින් මඟින් බන්ධ­නා­ගා­රය තුළට සය­න­යිඩ් යවා රැඳ­වි­යකු මාර්ග­යෙන් සය­න­යිඩ් එන්නත් කර­මිනි. එම ප්‍රය­ත්න­යද ව්‍යර්ථ වූයේ බස්නා­හිර පළාත් බුද්ධි කොට්ඨා­සයේ නිල­ධා­රින්ට හෝඩු­වාව යෑමත් සමඟ බන්ධ­නා­ගා­රයේ සිදු­කළ සෝදි­සි­යේදී සය­න­යිඩ් සමඟ මරාල සුරංග නමැති අධික ලෙස මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැ­හිව සිටි රැඳ­වියා අත්අ­ඩං­ගු­වට ගැනී­මත් සම­ඟිනි. තවද ගිය වස­රේම ගිනි­අ­වි­යක් කුඩා කොට­ස්ව­ලට ගලවා බන්ධ­නා­ගා­රය තුළට යවා රොහාට වෙඩි ප්‍රහා­ර­යක් දිය­ත්කොට ඝාත­නය කිරී­ම­ටද අංජු ප්ලෑන් කළේය. එම අව­ස්ථා­වේ­දීද බස්නා­හිර පළාත් බුද්ධි කොට්ඨා­ස­යට ලැබුණු තොර­තුරු අනුව බන්ධ­නා­ගා­ර­යට යවා තිබූ ගිනි­අ­වියේ සියලු කොටස් සොයා ගැනී­මට හැකි වූයේ දමිළ සැක­ක­රු­වෙක්ද සම­ඟිනි.

කෙසේ හෝ ලන්සියා – අංජු පාර්ශ්වය සහ රොහා පාර්ශ්වයේ ගැටුම් නිසා­වෙන් වසර 20ක පමණ කාලය තුළදී පුද්ගල ඝාතන 20කට අධික ප්‍රමා­ණ­යක් සිදුව ඇති බවකි. එම ඝාත­න­ව­ලින් 14කට පමණ රොහා ඍජු­වම වග­කි­ව­යුතු බව පොලිස් පොත්ව­ලද සඳ­හන්ව ඇති බවකි. මෙකී දෙපා­ර්ශ්වයේ ගැටුම් නිසා­වෙන් රොහාගේ පාර්ශ්ව­ක­රු­වෙක් යැයි ක්‍රිකට් ක්‍රීඩක ධනං­ජය සිල්වාගේ පියා­ණන් වූ නාග­රික මන්ත්‍රී­ව­ර­යෙක් වූ රංජන් ද සිල්වාද අංජුගේ පාර්ශ්ව­යෙන් 2018 වසරේ මැයි 24 වැනි දින ඝාත­නය විය.

අව­සා­නයේ විසි වස­ර­කට අධික කාල­යක් ගල්කිස්ස, රත්ම­ලාන, මොර­ටුව ප්‍රදේශ වෙලා­ගෙන තිබූ පාතාල ගැටුම්හි එක් පාර්ශ්ව­ක­රු­ව­කුගේ මර­ණය මෙලෙස සිදු වූයේ අප­රා­ධ­කා­ර­යන්ට අත්වන ඉර­ණම පසක් කර­මිනි. ඔහුගේ මර­ණය නිසා­වෙන් එක් පාර්ශ්ව­යක් දුක් වෙද්දී අංජුගේ පාර්ශ්වය ‘ගේම් ඕවර්’ (Game Over) යනු­වෙන් සඳ­හන් කර­මින් සමාජ මාධ්‍ය ‘පෝස්ට්’ පළ කර­මින් ‘පාටි’ දමන්නෙ මල්වෙඩි සංද­ර්ශ­නද පව­ත්ව­මින් ප්‍රිති ඝෝෂා නඟමිනි.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!