සංගීත ලෝකයේ නමක් දිනා ඇති රසික හදවත් මියුරු හඬින් වසඟයට ගත් ගායිකාවක් වන උමාරියා සිංහවංශ යළිත් විවාහ වී ඇති බවට පසුගියදා වාර්තා වුණා.
ඉතින් මේ ගැන විවිධ කතා පැතිරෙන්න පටන් ගත්තා.
මේ නිසා උමාරියාගේ වැඩිමල් සොයුරිය වන උමාරි සිය ඉන්ස්ටග්රෑම් ගිණුමට සටහනක් යොදා තිබුණා.
මේ එම සටහනයි.
මගේ දයාබර නැගණියට හදවතින්ම ආදරය, සෙනෙහස සහ රැකවරණය අවංකව ලබාදෙන, පිරිසිදු හදවතක් ඇති,වැදගත්, උගත්, අනුන්ගේ කුණු නොසොයන, පහත් වැඩ නොකරන, ආදරණීය සැමියෙකු ලැබුනු බව මාත් මගේ පවුලේ සැමත් පවසන්නේ හදපිරි සතුටිනි.
