කාලයක් කරගෙන ආ තිරිසන් ක්‍රියාවක් අල්ලාගත් හැටි…
‘චතුර, මාර අවුලක ඉන්නේ බං මම.’’
‘ඇයි මොකක්ද බං උඹට තියෙන අවුල.’’
‘‘ කාටවත් කියන්න එපා මේක. මට උඹට කියන්න දෙයක් තියෙනවා.’’
‘‘ඒයි මම එහෙම චීත්තයක් කියලා හිතුවද? උඹගේ රහස් කීියක් මම දන්නවද. ඒවා මම කාටවත් කියලා තියෙනවද අද වෙනතුරු.’’
‘‘නැහැ එහෙම දෙයක් හිතලා මම කිව්වේ නැහැ චතුර. මගේ හැම දෙයක්ම මම උඹටනේ කියන්නේ.’’
‘‘හරි කුෂාන් දැන් කියපන් බලන්න මේ පාර දාගත්ත ලෙඬේ මොකක්ද කියලා.’’
‘‘මේක ලෙඩක් නොවෙයි ජීවිතයත් මරණයත් අතර සටනක්.’’
‘‘දැන් කියපන් බලන්න. මොකක්ද වුණේ කියලා.’’
‘‘එහෙම එකක් නොවෙයි කමනි පේ්රග්නට් වෙලා’’
‘‘මයි ගෝඞ්. මම කිව්වා නිතරම එහෙමෙහෙ යනකොට පරිස්සම් වෙයන් කියලා. දැන් කොව්වර කල්ද?’’
‘‘මාස තුනකට වැඩියිලූ. ඒකි මට කීවෙත් නැහැනේ ඒ දවස්වලම.’’
‘‘ මාස තුනකට වැඩිනම් දැන් කරන්න දෙයක් නැහැ. රන් මල්මාලා දාලා ඉක්මනටම ඒකිව කැන්දන් වරෙන්.’’
‘‘ අනේ මචං ආතල් ගන්නැතිව කියපං මොකක්ද මම දැන් කරන්න ඕනේ කියලා.’’
‘‘කරන්න ඕන දේ තමයි මම කිව්වේ දැන් සුද්ද සිංහලෙන්.’’
‘‘උබට පිස්සුද බං කසාද බදින්න. අනික කමනිව මම ආශ්‍රය කරන්නේ කසාද බඳින්න නොවෙයිනේ.’’
‘‘ කසාද බඳින්නේ නැත්නම් ඇයි එහෙම දෙයක් කළේ ඒකීට.’’
‘‘ ඒක අත්වැරදීමකින් වුණ දෙයක්නේ.’’
‘‘පලයන් යන්න නියම අත් වැරදීම. පව් බං ඒකි.’’
‘‘ අනේ මචං පව් පිං බලන වෙලාවක් නොවෙයි මේක. මට මොකක් හරි විසදුමක් දියන්.’’
‘‘අනේ මන්දා උඹ දාගන්න ලෙඩ. දැන් කමනී මොකද කියන්නේ.’’
‘‘ඒකී කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරිව ඉන්නේ. දැන් කෑම කන්නත් බැයිලූ. බඩත් ලොකු වෙලාලූ. අනේ මන්දා ගෙදරින් දැන ගත්තොත් ඒකීට විසුමක් වෙන්නේ නැහැ. තාත්තා මාර සැරයිලූ. මරලා දායි කියලා තමයි කියන්නේ.’’
‘‘දැන් තියෙන්නේ ඇබෝෂන් කරන්න තමයි. කමනී කැමතිවෙයිද ඒකට.’’
‘‘ඒකීගෙන් අවුලක් නැහැ. ඕන දේකට කැමති වෙයි දැන් තියෙන තත්ත්වෙත් එක්ක. ඒත් කොහෙන්ද බන් එහෙම එකක් කරගන්නේ. නීති විරෝධි වැඩක්නේ ඒක.’’
‘‘ඒවා කරන කොට නීති විරෝධි වැඩ කියලා මතක් වුණේ නැද්ද?’’
‘‘අනේ විහිලූ කරන්න එපා චතුර.’’
‘‘හරි හරි ඕවා කරගත්තා වගේ ඉක්මනට බැහැ ලිහන්න. හිටපන් මම දන්න කෙනෙක් ඉන්නවා උගෙන් මම අහලා බලන්නම්.’’
‘‘අනේ මචං දැන්මම අහපං. ප්ලීස්.’’
‘‘දැන් මගේ ළග නම්බර් එකක් නැහැ. හෙට මම හොයලා දෙන්නම්. එතකම් ඉවසපන්.’’
‘‘අනේ මචං අමතක කරන්න එපා.’’
‘‘හරි බය නැතිව හිටපන්.’’
කුෂාන් තමන් මුහුණපා ඇති ගැටලුව චතුරට පැවසුවේ එලෙසින්ය. ඉන්පසු ඔහු කමණිට දුරකථන ඇමතුමක් රැගෙන චතුර සමග කතාවු සියලූම දේ පැවසුවේය. ඒ අනුව ඇය තම කුස තුළ සිටින දරුවා නැති කර දැමීමට කැමති වුවාය.
පසුදින චතුර ඔහුගේ මිතුරකුගේ මාර්ගයකින් බන්ඩාරගම ප්‍රදේශයේ සිටින නීති විරෝධි අයුරින් ගබ්සා කරන වෙද්‍යවරයෙකු පිළිබදව තොරතුරු සොයා ගත්තේය. ඉන් පසු ඔහු කුෂාන්ව මුණ ගැසීමට ගියේය. ගොස් ඔහුට මෙලෙස පැවසුවේය.
‘‘මචං මම ඇබෝෂන් කරන ඩොක්ටර් කෙනෙක් ගැන හොයා ගත්තා.’’
‘‘එහෙමද? කොහෙද ඉන්නේ.’’
‘‘බණ්ඩාරගම පැත්තේ.’’
‘‘ඉන්න තැන අහගත්තද?’’
‘‘ඔිව් සේරම විස්තර අහගත්තා. උඹට ඉවර තියෙන වෙලාවක යමු.’’
‘‘අනේ මචං කල් දාන්න ඕනා නැහැ. අපි හෙට උදෙන්ම යමු. මම එන්නම් අට වෙනකොට උඹලගේ ගෙදරට. ලැහැස්තිවෙලා හිටපන්.’’
‘‘අපිම නිසා හොදයි.’’
‘‘හරි හරි මේ වැඬේ ඉවර වුණාම මම උඹට හොදට සලකන්නම්.’’
‘‘මම දන්නවනේ උඹගේ සැලකිලි.’’ එලෙස පවසමින් චතුර එම නිවසින් පිටවිය.
මොහොමඞ් අස්කාර් බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි දොස්තර කෙනෙකි. වයස අවුරුදු හැට පහකි. ඔහු ජීවිත කාලය පුරාවට කළේ ලෙඩුන් සුව කිරිම නොව ගබ්සා කිරිමයි. එලෙස නීති විරෝධි අයුරින් ගබ්සා කර ඔහු විශාල මුදලක් ඉපැයුවේය.
හරි හමන් පවුල් ජීවිතයක් ගත නොකළ මොහු වයස අවුරුදු තිස් පහක පමණ තරුණියක සමග එකම නිවසක වාසය කළේය. එම තරුණිය මෙම හොර දොස්තර සමග නීත්‍යනුකූල නොවන පවුල් ජීවිතයක් ගත කළේ ඔහුගේ වත්කම් වලට තිබු කෑදරකම නිසාය. එලෙසම එම තරුණියගේ රූපයට වශිවු මෙම දොස්තර ඇය ඉල්ලන ඔිනෑම දෙයක් කිසිම ලෝබකමකින් තොරව ලබා දීමට කටයුතු කළේය.
හොර දොස්තරගේ නීති විරෝධී ගබ්සා කටයුතු සදහා මෙම තරුණියද උදව් උපකාර කළේය. දිනපතාම පාහේ විවිධ ප්‍රදේශවලින් ගබ්සා කර ගැනීම සදහා කාන්තාවෝ මෙම ස්ථානයට පැමිණියහ. ගබ්සා කීරිම සදහා පැමිණෙන කාන්තාව විවාහකනම් රුපියල් 50000 දහසක මුදලකුත්, අවිවාහකනම් 70000 දහසක මුදලකුත් මෙම දොස්තර අයකර ගනී.
චතුර කුෂාන්ව රැගෙන ගියේ අස්කර් නැමැති මෙම හොර දොස්තර ළගටයි. එලෙස ගිය ඔවුන් දොස්තර සමග මෙසේ කතා බස් කරන්නට විය
චතුර – ‘‘ඩොක්ටර් අපි ආවේ පොඩි කාරණයකට. ඩොක්ටව හම්බවෙන්න.’’
හොර දොස්තර – ‘‘ ඔව් කියන්න මොකක්ද කාරණය.’’
චතුර – ‘‘ මේ මගේ යාලූවා කුෂාන්. එයාගේ ගර්ල් ප්‍රෙග්නට් වෙලා. දැන්ම මැරි කරන්න අදහසකුත් නැහැ. ඒකනිසා…….
චතුරට පැවසීමට හැකිවුයේ එපමණකි. ඒ සමගම හොර දොස්තර සිනාසෙමින් මෙලෙස පැවසුවේය. ‘‘ළමයා නැති කරලා දෙන්න.’’
කුෂාන් – ‘‘ඔව් ඩොක්ටර්.’’
හොර දොස්තර – ‘‘ හරි මම කරලා දෙන්නම්. ගැහැණු ළමයගේ වයස කීයද?’’
කුෂාන් – ‘‘අවුරුදු විස්සයි.’’
හොර දොස්තර – ‘‘අපෝ පොඩි ළමයෙක්නේ.’’
කුෂාන් – ‘‘අනේ ඩොක්ටර් මොකක් හරි කරලා දෙන්න.’’
හොර දොස්තර – ‘‘හරි මම කරලා දෙන්නම්. හැබැයි ගාණ රුපියල් 70000 යි. ’’
කුෂාන් – ‘‘ ඒක ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැනේද ඩොක්ටර්’’
හොර දොස්තර – ‘‘ කිසි දේකට බය වෙන්න එපා. මම හිසේ කෙස් ගාණට ඕවා කරලා තියෙනවා.’’
කුෂාන් – ‘‘ එහෙනම් ඩොක්ටර් කවදද අපි එන්න ඔිනා.’’
හොර දොස්තර – ‘‘ අර මිස්ගෙන් දිනයක් ඉල්ල ගන්න.’’
කුෂාන් – ‘‘ ඔිකේ ඩොක්ටර්’’
දොස්තර අර මිස් යැයි පැවසුවේ ඔහු සමග සිටින තරුණියටයි. කුෂාන් එම තරුණිය ළගට ගොස් දිනයක් වෙන් කර ගත්තේය. ඒ සමග ඇය උපදෙස් මාලාවක්ද ඔවුන්ට ලබා දුන්නාය.
නියමිත දිනය උදාවිය. කුෂාන් තම පෙම්වතිය සමග එම ස්ථානයට පැමිණියහ. දොස්තර නියමිත වෙලාවට කමණිව ඔහුගේ නිවසේ ඇති ශල්‍යාගාරයට රැගෙන ගොස් ගබ්සාව සිදු කළේය.
මෙම හොර දොස්තර දිනපතාම පාහේ මෙවැනි නීතිවිරෝධි ගබ්සා සිදු කරන්නේය. එක්තරා පුද්ගලයෙක් මාස කිහිපයක සිට හොර දොස්තරගේ මේ නීතිවිරෝධි ගබ්සා කිරිම ගැන ඇස ගසාගෙන සිටියේය. මොනම හෙතුවක් නිසාවත් මොහු මෙය නොනවත්වන බව ඔහුට හැගී ගියේය. එමනිසා මේ පිළිබදව පොලීසිය දැනුවත් කළ යුතුයැයි ඔහු සිතා ගත්තේය. ඒ අනුව එම පුද්ගලයා වළාන දුෂණ මර්ධන ඒකකයට මේ බව දැන්නුවේය.
ලද තොරතුරට අනුව කි‍්‍රයාත්මක වු එම නිලධාරිහු මෙම හොර දොස්තර ගැන විපරම් කර බැලූහ. තොරතුර නිවැරදිය. ඔහු නීති විරෝධි අයුරින් ගබ්සා කරන පුද්ගලයෙකි. ඒ අනුව කි‍්‍රයාත්මක වු එම නිලධාරිහු මෙම දොස්තර සහ ඔහු සමග කලක් ජීවත් වු තරුණියව සාක්ෂි සහිතව අත් අඩංගුවට ගත්හ. එලෙස අත් අඩංගුවට ගැනීමේදි ඔහුගේ නිවසේ තිබි විදේශිය රටක සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක්ද සොයා ගත්තේය.
ගයාන් සමරසිංහ
