උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිණියක්. ඉතිං රඟපෑම අතරතුර උපේක්ෂාට වෙච්ච අපූරු සිදුවීමක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ.
මේ නාට්‍යයේ උපේක්ෂාගේ එක කුස උපන් සහෝදරයාට හිටියේ ගිහාන් ප්‍රනාන්දු. ඉතිං එක දර්ශනයක් තිබිලා තියෙනවා උපේක්ෂාගේ ලව් සීන් එකක් මාට්ටුවෙලා අයියගෙන් ගුටිකන. ගුටිකාගෙන එකට එක වචන හුවමාරු කරගන්න තමයි තිබිලා තියෙන්නේ.
ඉතිං මේ දර්ශනය ශූට් කරන්න කලින් පොඩි රිහර්සල් එකකුත් තිබිලා තියෙනවා. ඒ වෙලාවේ ගිහාන් කන අතගානවා වගේ හෙමීට තට්ටුවක් දානවා.
හරියටම ටේක් එකට ගියාම අධ්යක්ෂවරයා සහ ගිහාන් අතර හොර කතාබහක් සිදුවෙලා තියෙනවා. ඒ අනුව ගිහාන්ට උපදෙස් ලැබිලා තියෙන්නේ කන පුරවලා අත දිග ඇරලා කම්මුල් පාරක් දෙන්න කියලා. මේ ගැන හාංකවිසියක් නොදන්න උපේක්ෂා සීන් එකට පෙනී ඉන්නවා.
ගිහාන් වැර යොදලා ගහපු පාරට උපේක්ෂා වීසිවෙලා ගිහිං බිම වැටෙනවා. ඒත් කැමරාව කට් වෙන්නේ නෑ. පස්සේ උපේක්ෂා ඇස් දෙකෙන් ගිනි පිටවෙන තරම් කේන්තියෙන් නැගිටලා කඳුළු පුරවගෙන ඉතිරි දෙබස් ටික කියලා දානවා. මේ වෙලාවෙ උපේක්ෂාගේ කටහඬ පවා වෙව්ලන්න ගත්තාලු.
කොහොම වුණත් අවසානයේ මේ නිර්මාණය වෙනුවෙන් උපේක්ෂාට සම්මානයක් පවා ලැබෙනවා. ඒ කාපු පාර තමයිලු උපේක්ෂා එයාගේ ජීවිතේ කාපු වේගවත්ම කම්මුල් පාර.
කොයිතරම් සැර පාරක් කෑවත් උපේක්ෂා ගිහාන්ට හරිම ආදරෙයි. එදා ඒ ගහපු පාරට පින්සිද්ධ වෙන්න මේ ගමන පහසු වුණා කියලාත් ඇය කියනවා. ඒ වගේම ඇය ගිහාන්ට ස්තූති කරනවා.
