Gossip

උගන්වන පාසලේ ම ප්‍රිෂූට් කළ ගුරු යුවළට වැඩ වරදී

සිය විවාහ මංගලෝත්සවයට පෙර තමන් උගන්වන පාසලේදී ‘ප්‍රීෂූට්’ කළ මාතර හක්මන ප්‍රදේශයේ පාසලක ගුරු යුවළට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වයි. වික්‍රමසිරි  පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද පරීක්ෂණ වාර්තාව ලද වහාම අවශ්‍ය පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.

ගුරුවරයා දිගු කලක් එම පාසලේ සේවය කරමින් සිටින අතර ගුරුවරිය සීමාවාසික පත්වීමක් මත පාසලට පැමිණ තිබේ.

ඔවුන්ගේ ‘ප්‍රීෂූට්’ සිද්ධියට ආදි ශිෂ්‍ය සංගමය මෙන්ම දෙමාපියන්ද වි​​රෝධය පළ කර අධ්‍යාපන බලධාරීන්ට පැමිණිලි කර තිබිණි. පාසලේදී ‘ප්‍රීෂූට්’ කර ඇති බව අනාවරණය වී ඇත්තේ ඡායාරූප ශිල්පියා එම ඡායාරූප සිය මුහුණු පොතේ පළ කිරීමත් සමගය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!