Gossip

ඊයේ සවස් වනතෙක් කොරෝනා ආසාදිත කිසිවෙක් හමු වී නැහැ…

කොරෝනා වෛරසය ආසාදනය වූ කිසිදු රෝගියකු ඊයේ (08) වැනිදා පස්වරු 6.30 වනතුරු වාර්තා වී නොතිබිණි.

ඒ අනුව ඊයේ සවස් වනතුරු මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 824 ක් විය.

වෛරසය ආසාදනය වීමෙන් පසු ප‍්‍රතිකාර සදහා රෝහල්ගත කෙරුණු රෝගීන් අතරින් 240 ක් දෙනා මේ වන විට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

කොරෝනා ආසාදනය වූ තවත් රෝගීහු 575 දෙනකු රෝහල්ගතව වැඩිදුර ප‍්‍රතිකාර ලබමින් සිටිති. මේ දක්වා වාර්තා වූ රෝගීන් අතරින් 390 දෙනකුම නාවික හමුදා රණවිරුවන් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

එයින් වෛරසය ආසාදනය වූ රණවිරුවන් 308 දෙනකු වැලිසර නාවික හමුදා කදවුරෙන් වාර්තා වී ඇති අතර පිටතින් වාර්තා වූ නාවික රණවිරුවන් ගණන 82 කි.

යුද හමුදාව සහ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන කදවුරු වෙතින් ඊයේ (8) වැනිදා දිනයේදීද නිරෝධායනය අවසන් කර පිරිස් පිටව ගොස් ඇති අතර ඔවුන් සියලූ දෙනා පීසීආර් පරීෂණ සිදු කිරීමෙන් පසු මෙසේ නිවෙස් වෙත ගිය බව යුද හමුදාව සදහන් කරයි.

ඒ අනුව මේ දක්වා පුද්ගලයන් 5728 දෙනකු නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කර පිටව ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 4931 දෙනකු ති‍්‍රවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක නිරෝධායනය වෙමින් සිටින බවද යුද හමුදාව පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 9 කි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!