Gossip

ඉපදුනු ගමන් පුංචි බිළිඳාට හත්පොළකට පිහියෙන් ඇන මරා දැමූ පාපතර මව

නොර්වූඞ් පොලිස් වසමට අයත් නෝර්වූඞ් තේ වතුයායේ පදිංචි අවිවාහක කාන්තාවක් ඉකුත් 12 වැනිදා ප‍්‍රසූතකර එම වතුයායේම මානා පතනක වළ දමා තිබූ බිළිඳා උපන් විගස ශරීරයේ බෙල්ල හා යටි බඩ ප‍්‍රදේශය ඇතුළු ස්ථාන 07කට තියුණු පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
දික්ඔය රජයේ දිස්ත‍්‍රික් මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ඉනෝකා රත්නායක මහත්මිය විසින් අධිකරණ නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය 16 වැනිදා එම රෝහලේදී පැවැත්වීමෙන් අනතුරුව මෙම වාර්තාව ලබා දී ඇත.
මෙම ඝාතනයට සම්බන්ධ බිළිඳාගේ මව නෝර්වූඞ් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන 15 වැනිදා හැටන් දිසා හා මහෙස්ත‍්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත‍්‍රාත් එස්. රාමමූර්ති මහතා හමුවට පමුණුවන ලදුව මෙම මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ දික්ඔය මූලික රෝහලේ වැඩිදුර ප‍්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය පවසනවා.
අධිකරණ නියෝගමත මත මළ සිරුර ගොඩගැනීම සම්බන්ධ පරීක්ෂණ හැටන් කොට්ඨාස භාර අපරාධ ස්ථාන පරීක්ෂණ (සෝකෝ) අංශයේ වැඩ බලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලියනගේ හා උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ යන නිලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා.
හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි චූලනී වීරරත්න, සහකාර පොලිස් අධිකාරි 2 රසික රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත, නොර්වූඞ් පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රණවීර මහතා ඇතුළු නිලධාරී පිරිසක් පරීක්ෂණ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වූඞ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!