Gossip

ඉන්දීය චිත‍්‍රපට බලා වැඩ පෙන්නන්න ගිය තරුණියක් සිරුරට ගිනි ඇවිළී මරුට..

යාපනයට ඇඳිරි නීතිය පැවති කාලය තුළ දකුණු ඉන්දීය චිත‍්‍රපට නැරඹීමට ඇබ්බැහි වූ යාපනයේ තරුණියක් එම චිත‍්‍රපට වල චරිත අනුකරණය කරමින් 25 දා සිය සිරුරට භූමිතෙල් වක්කරගෙන ගිනි තබා  ගැනීමට යාමේදී ඇය එම ගින්නටම හසු වී මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ මල්ලාකම් ප‍්‍රදේශයේ ජීවත් වූ විසිහතර හැවිරිදි සූරියකුමාර් තනුජා නමැති තරුණියකි.

ඇගේ පවුලේ උදවිය ප‍්‍රකාශ කොට තිබුණේ රංගනයක් සඳහා ඇය ඒ අන්දමට ක‍්‍රියා කරමින් සිටියදී ඇගේ සිරුරට ගිනි ඇවිලූ‍ණු බවයි.

වහාම ඇයව යාපනයේ තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන යාමෙන් පසුව ඇගේ තත්ත්වය බරපතල බැවින් ඇයව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

යාපනයේ චුන්නාකම් පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!