ලොව කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ කේන්ද්‍රස්ථානය සේ සැළකෙන චීනය අභිබවමින් ඉන්දියාව මේ වන විට ලෝක කොරෝනා ආසාදිත ලැයිස්තුවේ ඉදිරියට පැමිණ තිබේ. දැනට කොරෝනා ආසාදිත ලැයිස්තුවේ 13 වැනි ස්ථානයේ සිටින චීනය අභිබවමින් මේ අනුව ඉන්දියාව ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන 11 වැනි රට බවට පත්ව ඇත.
මේ සමගම ඉන්දියාවේ පසුගිය සතිවල කොරෝනා ආසාදිතයින් වාර්තා වීම අඩු වූ ප්‍රාන්ත ගණනාවකින්ම නැවත එම ආසාදිතයින් වාර්තා වීමේ වැඩි වීමක් පෙන්නුම් කිරීම නිසා දෙවැනි කොරෝනා වසංගත රැල්ලක් හට ගැනීමේ ලකුණු පහළ වී ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. කේරළ ,හිමාචල් ප්‍රදේශ් ,ඇසෑම් හා ගෝවා යන ප්‍රාන්තවල මෙසේ දින කිහිපයක් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම නතර වීම හා ඉතා අඩු වශයෙන් එම ආසාදිතයින් වාර්තා වීම සිදු වුවද දින කිහිපයක සිට එම ප්‍රාන්තවලින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ වැඩි වීමක් පෙන්නුම් කරන බව අනාවරණය වී තිබේ.
මේ වන විට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 86,508 දෙනෙකු හා කොරෝනා මරණ 2,760 ක් වාර්තා වී තිබේ.
ඒමන්ති මාරඹේ
